වෙනම ආණ්ඩු හැදීම ඒකාබද්ධයේ සිහිනයක් – නිමල් සිරිපාල

nimal-siripalaපවතින ජාතික ආණ්ඩුව පෙරළා දමා වෙනම ආණ්ඩුවක් හැදීමට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ අය දකින සිහිනය හැමදාටම සිහිනයක් පමණක් වන බවත්, ඒ අය කොතෙක් දැඟලුවත් මේ ආණ්ඩුව 2020 දක්වා ඉදිරියට යන බවත් එය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. බදුල්ල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා පැවසුවේ තමන්මෙ ළඟ ඩබල් ගේම් මැති බවයි.

“. 2015 ජනාධිපතිවරණයේදී අපි වැඩ කළේ එවකට අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාටයි. ඒත් එතුමා පැරැදුණා. ඊළඟට අපේ පක්ෂයේ නායකත්වය හිමිවුණේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටයි. එතුමා අපිට ආරාධනා කළා. ජාතික ආණ්ඩුවට එක්වෙන්න. හරිනම් එතුමා අපිට පයින් ගහලා එළවන්න තිබුණා. ඒත් එතුමා පක්ෂ නායකයා විදියට මේ පක්ෂය රැකගන්න ඕන නිසා අපිට ආරාධනා කළා”

“අපි ආණ්ඩුවෙන් ගියත් අද එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වෙනමම ආණ්ඩුවක් හදන්න. මොකද ඒ අයට මන්ත්‍රිවරුන් 106ක් ඉන්නවා. ආණ්ඩුවක් හදන්න අවශ්‍ය වෙන්නේ 113යි. ඉතින් ඒකට ඒකාබද්ධ විපක්ෂයෙන් එන්න ඉන්න අයත් එක් කරගෙන අපෙනුත් යන්න ඉන්නවනම් ඒ අයත් එක් කරගෙන ටී.එන්.ඒ. එකත් එක් කරගෙන ආණ්ඩුවක් හදන්න ඒ අයට පුළුවන්.”

ඩබල් ගේම්

ඇත්ත වශයෙන්ම පක්ෂයෙන් පිට පැන පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට මුලින් එකඟවි සිටියේ නිමල් සිරිපාල සිල්වාය. මහින්දට බියෙන් කට්ටි පැන්න ඔහු පසුව මහින්දගේ වේදිකාවට ගොඩවිය. එසේ කටයුතු කළ ඔහු දැන් තමන් ඩබල් ගේම් කරුවෙක් නොවන බව කියයි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.