වෙබ් අඩෙවි හරහා තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නයි බදියුදීන්ගෙන් සීඅයිඩියට පැමිණිල්ලක්

RISHADතමන්ගේ මැදිහත්වීම මත රෝහින්ග්‍යා සරණාගතයින් මෙරටට පදිංචිකිරීම සිදුවන බවට සමාජජාලා වෙබ් අඩෙවි හරහා තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම අමාත්‍යංශය කියයි.

අන්තර් ජාලයේ හා සමාජ ජාලා වෙබ් අඩවි හරහා ජාතිවාදය ඇවිස්සීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.