වෙලේ සුදාට ජීවිත තර්ජන බිරිය උසාවියේ

ශ්‍රී ලංකාවේ මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “වෙලේ සුදා”නමැති විත්තිකරුගේ ජීවිතයට හානි සිදුවිය හැකි බවට තොරතුරු ලැබී ඇති හෙයින් මේ අවස්ථාවේදී ආරක්‍ෂක හේතු මත විත්තිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ නොහැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණය වෙත ඊයේ (5දා) දැනුම් දුන්නේය.

2010 ජනවාරි 1 වැනිදා සිට 2012 අප්‍රේල් 25 අතර කාලසීමාවේදී කොළඹ, දෙහිවල, කොහුවල, නුගේගොඩ සහ රාජගිරියේදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි ගණනක් වටිනා නිවාස, ඉඩම්, සුඛෝපභෝගී වාහන, රත්රන් මිලදී ගැනීම සහ මුදල් එක්රැස් කිරීම ඇතුළු මුදල් විශුද්ධිකරණ පනත යටතට වැටෙන වරදවල් සිදුකරන ලදැයි අධි චෝදනා 57ක් යටතේ වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා මේ නඩුව පවරා තිබිණි.නඩුවේ විත්තිකරුවන් ලෙස පිළිදුව බෝගහවත්තගේ ගයානි ප්‍රියදර්ශනී නොහොත් සුජී (වෙලේසුදාගේ බිරිය), ගම්පල විතානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, කැඹරේ ආරච්චිගේ වසන්ති වසුන්දරා නොහොත් නදී (වෙලේසුදාගේ ඥාති සහෝදරී) යන තිදෙනා නම්කර තිබිණි.

Welesudha’s wife in court to answer money laundering chargers.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.