වෙලේ සුදාට සම්බන්ධ නම් සමග හොරා පොලිස් කරන්නේ ඇයි?

rohana(70)

මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙළේසුදා   සමග මුදල් හා දේපළ හුවමාරු සිදුකර ඇති බවට  තොරතුරු හෙළි වූ  බව කියන  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, හිටපු පොලිස්පතිවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු හා සැරයන්වරයකුට එරෙහිව කටයුතු කරන බව කියන  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි   අජිත් රෝහණ මහතා   ඔවුන් ගේ නම් නිස්යකර හෙළිදරව් නොකරන්නේ මන්ද යන  ප්‍රශ්නය මතුවෙමි තිබේ.

වෙළේසුදා    ප්‍රකාශ මත  ඔහු සමග සම්බන්ධකම් පැවැත් වූ බවට සදහන්  වන  පුද්ගලයින්  ගේ නම් හෙළිදරව් කිරීම දේශපාලන බල අරගලයක වැඩපිළිවෙලක් බවට පරිවර්තනය වෙමින් පවතී.

පසුගිය ආණ්ඩුව සමයේ පිනෝකියෝ චරිතය රඟපාන  බවට චෝදනා එල්ල වූ මධ්‍ය ප්‍රකාශකයා  යළිත් වෙනත් මුහුණුවරකින් එම චරිතයට අවතීර්ණ වීමට තැත් කරමින් සිටී.

විමර්ශන සංවේදී නම් ඒ බව පවසා විවිධ ඉඟි නොකර සිටීම වග කිව යුතු නිලධාරියෙකුගේ රාජකාරියයි.එසේ නැතුව වෙළේ සුදා විමර්ශනය හරස් පද ප්ර්හෙල්කාවක් කිරීම සාධාරණ නොවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.