වෙලේ සුදා ගේ නඩු පොත අතුරුදහන්

 

f87c9580c1bcbc6d8f35c504ee58bc7a_L

 

මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර යන අයට එරෙහි නඩුව තව දුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අගෝස්තු මස 16 වනදාට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයා වෙත නියෝග කළේය.

නඩුවට අදාළ පොලිස් වාර්තා අස්ථානගත වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ගල්කිස්ස පොලීසිය සතුව තිබූ එම වාර්තා අස්ථාන ගත වීම හේතුවෙන් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම බරපතල ගැටළුවක් යැයිද ඔහු කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රකාශ කර ඇත.

නඩුව ඊයේ  විමසා බැලූ අවස්ථාවේ වෙළේ සුදා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඔහු නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් එම ඉල්ලීම ඉවත දැමූ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා වැඩිදුරටත් නියෝග කර සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණය අධිකරණය වෙත දැනුම් දෙන ලෙසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.