වෙලේ සුදා මන්ත්‍රීලටත් ණය දීලා

මන්ත්‍රි දුමින්ද වෙලේ සුදාගෙන් ණයට සල්ලි අරං

වෙලේසුදාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ණයට මුදල් ලබාගෙන ඇති බව රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

මන්ත්‍රිවරයා හා ජාවාරම්කරුවන් අතර මුදල් හුවමාරු සිදු වුයේ ද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව පැවසූ රහස් පොලිසිය වෙලේසුදා , ඔහුගේ බිරිය, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුළු පුද්ගලයන් පස්දෙනකුගේ ගිණුම් පරික්ෂාව මේ වන විටත් ආරම්භ කර ඇති බවට අධිකරණය හමුවේ පවසා තිබේ.

එහිදී වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නැමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාට ණයට මුදල් ලබා දී ඇති බවත් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ලාලිත්‍ය කෞශල්‍ය නමැත්තාගෙන් හා එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ද  මන්ත්‍රිවරයා මුදල් ලබා ගෙන ඇති බවට වෙලේ සුදා තොරතුරු අනාවරණය කළ බවත් රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කරුණු වාර්තා කළ බවය.

78571_img3669-copy

 

මේ අතර එල්ටිටීඊ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමේ යෙදුණු ගුණශිලන් නොහොත් කිඹුලා ඇළ ගුණා සමඟ වෙලේසුදා සම්බන්ධතා පැවැත් වු බැවින් ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍ය සැකකරුවකු බවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අවි ඇතුළු වෙනත් අවි ළඟ තබා ගැනීමේ සම්බන්ධතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කර අධිකරණ මඟ හැර විවෘත වරෙන්තු නිකුත් වු අයකු බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.