වෙළේ සුදා ආරක්ෂා කර ගැනීම අත් අඩංගුවට ගැනීම තරම්ම වැදගත්

 

wele

 

සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ඒම තරම්ම වැදගත් බව තතු දත් ආරංචි  මාර්ග කියා සිටී.

හෙරොයින් මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන්  පොලිසියට අවශ්‍යව සිටි ඔහු බලගතු පුද්ගලයින් ගේ රැකවරණ ඇතුව තමන්ගේ ජාවාරම් ගෙනගිය හෙයින් සාක්ෂි සහ රැකවරණ  දුන් ප්‍රබලයින් ගේ තොරතුරු වසං කර  ගැනීමේ  උවමනාවක් තිබිය හැක.

සමන්ත කුමාර විතානගේ නොහොත් වෙළේ සුදා  ගේ බිරිඳ  ප්‍රියදර්ශනී (32) හෙවත් සුජී   ගිය වසරේ  පාකිස්තානයට ගොස් එමින් සිටියදී  අත් අඩංගුවට ගත් බව  පොලිසිය කියා සිටී.

හෙරොයින් මත්කුඩු විකිණීමෙන් දෙවසරකදී රුපියල් 18 කෝටියකට ආසන්න වත්කම් හිමිකරගෙන සිටින් බවයි  පොලිසිය අනුමාන කරන්නේ.

ඔහු ඉන්දියාව සිංගප්පූරුව හා ඩුබායිහි කුඩු ජාවාරම් සමග ගනුදෙනු කරන බවයි පොලීසිය කියා සිටින්නේ.

වෙලේ සුදා නමැත්තාට හිමි වත්කම් පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අදහස් පළ කළේය.

 

මුදල් විශුද්ද්ධිකරණ පනත අනුව අපි කටයුතු කළා. මේ කටයුතු කිරීමේදී අපි හොයා ගත්තා ඔහුට කොළඹ බගතලේ පාරේ නිවාස දෙකක් තිබෙන බවට. ඒවගේම කොළඹ හෝර්ටන් පෙදෙසේ එක් නිවාසයක් තිබෙන බවට. ඒවගේම බැංකු සුරක්ෂිතාගාර, ස්වර්ණාභරණ, මුදල් විවිධ ගිණුම්වල තැම්පත් කර ඇති බවට. එවැනි ගිණුම්වල තැම්පත් කර තිබුණු මුළු මුදල්වල වටිනාකම රුපියල් මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඒ සියල්ල මේ වනවිට  මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීමට මහාධිකරණයට අයදුම්පත් යොමුකර තිබෙනවා.

 

 

 

 

BMD

 

රුපියල් කෝටි 4 1/2 ක් වටිනා සුඛෝපබෝගී මහල් නිවාසයක් ,කොළඹ බගතලේ පාරෙන් රුපියල් හාර කෝටියක් වටිනා නිවාස දෙකක්, රුපියල් කෝටියක් වටිනා නිවාස 2ක්  රුපියල් 1,600000 ක් වටිනා පර්චස් 16 ක ඉඩමක් දෙහිවලද රුපියල් 1, 40,00000 ක් වටිනා නැදිමාලේ පිහිටි නිවසක් සුඛෝපබෝගී වාහන තුනක් ඩ ඔහු ගේ වත්කම් අතරේ ඇතැයි  පොලිසිය කියයි

 

pallanwatte-pannipitiya

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.