වෛද්‍යවරු වර්ජනයකට සුදානම්!

929bcd24-18e0-4e75-919e-d576638fd61f

දිවයින පුරා රෝහල්වල ලබන සතියේ ඕනෑම දිනයක වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එකඟ වූ බව එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කරයි.

ඒ අනුව අද (19) අයවැය විවාදය අවසාන වනවිට තම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නොලැබේ නම් සඳුදා සංගමයේ විධායක සභාව රැස්‌ ව වැඩ වර්ජනයක්‌ සම්බන්ධව අවසන් තීන්දුව ගන්නා බව ද ඔහු පැවසී ය.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඊයේ (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ බව කී වෛද්‍ය හේරත් මහතා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙසට ඉල්ලා සංගමයේ සියල්ලන් අත්සන් කළ පෙත්සම ජනාධිපතිවරයාට භාරදුන් බව ද සඳහන් කළේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.