ශ්‍රියානි ගේ නික්ම යෑම- දිනේෂ්ට චෝදනා

shiyani-1ඒකාබද්ධ විපක්ෂයේ සිටි අම්පාර දිසා මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ද ශ්‍රී.ල.නි.ප.යට එක් වීම සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙත චෝදනාවේ දබර ඇඟිල්ල එල්ල වෙමින් පවතී. ඔහු නිසි කලට නිසි පියවර ගත්තේ නම් ඇගේ නික්ම යෑම වලක්වා ගත හැකිව තිබු බවයි ඒකාබද්ධය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දෙන්නේ.

ශ්‍රියානි ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටියේ දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමිනි. විජේවික්‍රම මහත්මියට නාමයෝජනා සම්බන්ධයෙන් ප්‍රශ්නය හටගත්තේ අම්පාර දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප (ඒකාබද්ධය නියෝජනය කරන) මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සමඟය. විජේවික්‍රම මහත්මිය අම්පාරෙන් ඉල්ලා සිටි නාමයෝජනා කෝටාව ලබාදීමට විමලවීර මන්ත්‍රීවරයා දැඩි ලෙස විරුද්ධ විය. මේ ගැන සාකච්ඡා කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ නාමයෝජනා කමිටු ප්‍රධානී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන් විමලවීර මන්ත්‍රීවරයාට වාර 7ක්ම ආරාධනා කළත් ඔහු නාමයෝජනා කමිටුව හමුවට පැමිණියේ නැත. ආවේ ශ්‍රියානි මන්ත්‍රීවරිය පමණි.

ඉවසීමේ සීමාව

ඇයගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය තැන ඇය කෙලින්ම මෛත්‍රී හාමුවුවාය. තදින්ම කේන්ති ගොස් තිබු ඇය සිය පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම් පවා නොතකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී රජයට සහාය පළකරමින් ශ්‍රී.ල.නි.ප.ය හා එක් විය. මේ ප්‍රශ්නය ගැන කතා කරන්නට ඇය මහින්ද රාජපක්ෂ මහතා හෝ හමුනොවූ බව දැනගන්නට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.