ශ්‍රිලනිපයයි මෛත්‍රීයි 19ට පොල්ල

download19

 

පසුගිය මාර්තු 24 වැනි දින අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ශ්‍රිලනිපයේ සහාය ලබා දෙන්නේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එකවර රැගෙන ඉදිරිපත් කරනු ලැබුවහොත් පමණක් බව ඊයේ (10) දිනයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රිලනිපයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී ලංකා ට්රූත් වෙබ් අඩවිය කියා සිටී.

විධායක ජනාධිපති ධූරය අත්තනෝමතික ලෙස මීට පෙර සිටී සෑම ජනාධිපතිවරයකු විසින්ම පාවිච්චි කරනු ලැබූ අතර පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 18 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා තව දුරටත් විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල අසීමාන්තික ලෙස වැඩිකර ගනු ලැබීය. එය නැවතත් ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම වෙනුවෙන් ගෙන එනු ලබන 19 වැනි ව්‍යස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැලැක්වීම සඳහා මේ වනවිට හිටපු ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වෙමින් ශ්‍රිලනිපය තුළ බෙදීමක් ඇති කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් ලැබුණු ජනවරම නොසලකා හරිමන් එය දුර්වල කිරීමට ශ්‍රිලනිපයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙහෙයවන විකල්ප කණ්ඩායම සූදානම් වේ. එය ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් වූ අතර මෙම තත්වය පරාජයට පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළ යුතු අතර ජනාධිපතිවරණයේදී ලබාදුන් ජනවරමේ අභිලාශයන් ඉටු කිරීම වෙනුවෙන් සෘජුව මැදිහත් විය යුතු බවටත් දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.