ශ්‍රි ලංකාවේ වර්ගීක ගැටුම සදහටම හමාර කරනවා-අගමැති

ed9e7a65f1cc63b9e2c990earanil

අමෙරිකාවේ The Wall Street Journal සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටීයේ පොලීසිය නිර්දේශපාලනකරණය කොට සුදු

වාන් සංස්කෘතිය හමාර කිරීමට තමන් කටයතු කරමින් සිටින බවයි.

ශ්‍රිලංකාවේ වර්ගීක ගැටුම සදහටම හමාර කිරීමට තමන් දැඩි අදිටනකින් කටයුතු කරගෙන් යන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

උතුරු පළාත් සභාව ශක්තිමත් කිරීමට තමන් වැඩ කරගෙන යන බවත් ඔහු පැවසීය.

ආණ්ඩුවට අමතරව දෙපාර්තමේන්තු  ගනනාවක්ම චීනයෙන් ණය ලබා ගෙන ඇති බැවින් සැබවින්ම ලබා ගෙන ඇති මුළු ණය මුදල විශාල එකක් විය හැකි බව වික්‍රමසිංහ මහතා පැවසීය.

ඇතැම් දැවැන්ත ව්‍යාපෘති ටෙන්ඩර් පරිපාටිවලින් තොරව ලබාදී ඇති බවත්, ඒවා පිළිබඳව තොරතුරු විනිවිදභාවයකින් ජනතාවට ඉදිරිපත් කර නැති බවත්, අගමැතිවරයා අවධාරණය කර තිබේ.කොළඹ, ගාලුමුවදොර ඉදිරිපිට චීන ආධාර යටතේ ඉදිකෙරෙන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පරිසර අධ්‍යයන වාර්තාවක් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඉදිකිරීම් ආරම්භ කළේදැයි සොයාබැලිය යුතුව තිබෙන බවයි අගමැතිවරයා කියා සිටින්නේ.

download (97)

මේ අතර The Wall Street Journal  වෙත අදහස් දක්වමින් පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වූ දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ වත්මන් රජය විසින් එල්ල කරන දූෂණ චෝදනා කරුණු හා සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත්, එය හුදෙක් මඩ ගැසීමේ ව්‍යාපාරයක් කර ගත යුතු නැති බවත්ය.

එසේම The Wall Street Journal  වෙත අදහස් දක්වමින් අල්ලස් කොමි‍සමේ අධ්‍යක්ෂ ජනරාල් ගනේෂ් ධර්මවර්ධන මහතා පවසා ඇත්තේ පසුගිය මැතිවරණයෙන් පසුව ඉතා බැරෑරුම් දූෂණ පිළිබඳ පැමිණිලි 40 ත් 50ත් අතර සංඛ්‍යාවක් මේ දක්වා ලැබී ඇති බවයි.

මේ නිසා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට එම පරීක්ෂණ සිදුකිරීම සඳහා තවත් බොහෝ නිලධාරීන් බඳවා ගැනීමට සිදුව ඇති බවත් අල්ලස් කොමි‍සමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටී.

වීඩියෝව මෙතැනින්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.