ශ්‍රීලංකාව හත් වෙනි තැනට පසු බසී

 

 

Sri-Lankan-Team-sri-lanka-cricket-22499417-1024-768

 

 

 

නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 07 වැනි ස්ථානය දක්වා පසුබැස ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පෙරමුණේ පසුවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවෙයි. පෙර ශ්‍රේණිගත කිරීම්හිද ඔවුන් මෙම ස්ථානයන්හි පසුවිය.

නායකත්වයට නැවතත් ඇන්ජලෝ මැතිව්

ලංකා ක්‍රිකට් කණ්ඩාය‍මේ නායකත්වයට නැවතත් ඇන්ජලෝ මැතිව්ස් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14දා) නිවේදනය කළේය. ඒ අනුව ඔහු ටෙස්ට් හා එක්දින කණ්ඩායම්හි නායකත්වය දරණු ඇත. මේ අතර පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වය පත්කළ ලසිත් මාලිංග තවදුරටත් ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

පාකිස්තාන කණ්ඩායම එළැඹෙන ජුනි මස ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත සංචාරයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන වසරේ සිදුකිරීමට නියමිත එංගලන්ත සංචාරය දක්වා ඇන්ජලෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනු ඇත.

ලසිත් මාලිංග එළැඹෙන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත. ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණයට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.