ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෛත්‍රී අතට

kl

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් රැසක් නව ජනාධිපතිවරයාට සහයෝගය පල කිරීමට  කැමැත්ත පල කිරීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත් වෙන් බවක් දක්නට ලැබේ.

සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා ,ජගත් පුෂ්ප කුමාර,ෆයිසර් මුස්තපා,රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද දිසානායක ,ජනක බණ්ඩාර තෙන්නකොන් , ඒස් බී නාවින්න ඇතුළු 28 දෙනෙක් කොළඹ විජේරාම මාවතේ රැස් වී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති කැර ගැනීමේ යෝජනාවක් සම්මත කර   ගත්හ.පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය  පත් කර ගනු ලැබීය.

මැතිවරණ කොමසාරිස්වරයා   මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන මහා ලේකම්වරයා පිළිගතහොත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තව දුරටත් දේශපාලන වශයෙන් හුදෙකලා වනු ඇත.

download (49)

මහින්ද රාජපක්ෂ යළිත් දේශපාලනයට ගෙනෙන බව විමල් වීරවංශ කළ  ප්‍රකාශයෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක  විය යුතු බව අලුත් ආණ්ඩුවේ මතය වී ඇත.

ජාතිවාදය අවුස්සන බොරු ප්‍රකාශ පතුරවමින් ගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීමට ඉක්මන් සහ දැඩි  ක්‍රියාමාර්ගයක්  නොගතහොත් ආණ්ඩුව අස්ථාවර විය හැකි බව දේශපාලන  නිරීක්ෂකයින් පෙන්වා දෙති.

පරාජයෙන් අනතුරුව ආරක්ෂක හමුදාවල උදව්වෙන් බලයේ රන්දී සිටීමට මහින්ද රාජපක්ෂ ගෙන් ගිය කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල විශ්වශනීය ලෙස හෙලිදරව් කල යුතු බව මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටී.

පක්ෂයේ සභාපති වරයා ලෙස මෛත්‍රීපාල සිරි‍සේන මහතා බහුතර ඡන්දයෙන් තේරීපත් වී ඇත..

එහි මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත් කර ඇති අතර භාණ්ඩාගාරික ලෙස එස්.බී. නාවින්න මහතාද ජාතික සංවිධායක ලෙස ජනක බණ්ඩාර තේන්නකෝන් මහතාද පත් කර තිබේ. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 30දෙනෙකු පමණ සහභාගී වී තිබේ.

එහිදී අදහස් දැක්වූ විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසූවේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභාපතියි මහ ලේකම් තුමයි ජනාධිපතිවෙන්න තරඟ කළා. සභාපති තුමා පැරදුනා. මහ ලේකම් තුමා දිනුවා. ගෙදරක තාත්තා මැරුණම අඬනවා. ඉතින් අපිත් ඇඬුවා. ඒ කියලා තාත්තගේ මළ කුණ ගේ ඇතුළේ තියාගන්නැහැනේ.” යනුවෙනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.