ශ්‍රීලනිපයේ පිල්බෙදීම් එළිපිටට

 

 

 

 

downloadnimal

 අපේ ගම පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමෙන් අනතුරුව එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් කියා සිටියේ මේ රැස්වීම් සියල්ල නීති විරෝධී බවයි. ඔවුන් පැවසුවේ සමස්ථ ලංකා කාරක සභා අවස්ථාවේ දී තමන්ට අදහස් දැක්විමට ඉඩක් නොලැබුණු බවයි. රැස්වීම අවසන්කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතැනින් ඉවත්ව ගිය පසු රැස්වීම පැවැත්වූ ශාලාවෙන් එළියට ආ ඔවුහු මෙලෙස විරෝධය දැක්වූහ. විධායක සභාවේ දී පත්කැරගත් නිලධාරී මණ්ඩලය ගැන තමන්ට නොකී බවත් ගම් මට්ටමින් ආරක්ෂා කරගෙන තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය අද වළලා දැමූ බවත් ඔවුහු කියති. තමන්ට සිදුව ඇත්තේ විධායක සභාවට අත ඉස්සීම බව ද ඔවුහු කියති. රැස්වීම අවසන්වී එතැනින් ඉවත්වීමට ගිය හිටපු ඇමතිවරුන්ට සහ නව නිලධාරීනට ඔවුහු බාධා කළහ.

තම පක්ෂය පාවා දුන් බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා කළ යුතු බවත් ඇතැමුන් කීහ.

මේ රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරු වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ දෙදෙනාට ආරාධනා කැර තිබුණ ද ඔවුන් දෙදෙනා ම පැමිණ සිටියේ නැත.

 

downloslfp

 

අගමැති අපේක්ෂක

 

ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ගැන කිිසිදු තිරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තවමත් මැතිවරණයක් පැවැත්වීමට දින නියමකැර නොමැති බැවින් ඒ ගැන පසුව තීරණය කළ හැකි බවයි. මැතිවරණයට නාම යෝජනා ලබාදීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් නාමයෝජනා මණ්ඩලයක් පත්කරණ බවත් ඉන් පසු ඡන්දයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරණ අය ඒ සඳහා ඉල්ලුම් කැර පැමිණිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

පක්ෂයේ කවර තරාතිරමක අයකු වුවත් නාම යෝජනා මණ්ඩලයේ අනුමැතිය ගෙන ඡන්දය ඉල්ලිය යුතුයැයි ද ඔහු කීවේය. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඉදිරි අගමැතිවරයා ගැන අනාවැකි කීමට නොහැකි බව විපක්ෂ නායකවරයා කීවේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙස නම් කලයුතු බවටනැගෙන චෝදනා හමුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ පැවසීය.

downloahandd

 

පළාත් සභා මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා සමස්ථ ලංකා කාරක සභාව අද සවස බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රයේ දී හමුවීමට පෙර පළාත් සභා මන්ත්‍රී සංසදයේ රැස්වීමක් බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැත්විණි. එහිදී මාධ්‍ය යෙව්දින් කැඳවීමට මන්ත්‍රීවරු පිරිසක් විරෝධය දැක්වූහ. ඔවුන් කියා සිටියේ තමන් පැමිණියේ සාකච්ඡාවකට බවත් මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට නොවන බවයි. දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී.ආරියතිලක මහතා අදහස් දක්වමින් විධායක සභාවට ඉදිරිපත් කරණ නව ප්‍රතිසංස්කරණ යෝජනා ගැන අදහස් දැක්වීම ආරම්භ කළේය. එහිදී පසුගිය ජනාධිපතිවරණයේ පරාජය විශේලේෂණය කැර එය පක්ෂයට ඉදිරිපත් කළ යුතු යැයි කීමත් සමග පැමිණ සිටි මන්ත්‍රීවරු පිරිසක් කියා සිටියේ තමන් පැමිණියේ ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කැර ගැනීමේ යෝජනාවක් ගෙන ඒමට බවයි. තමන් පක්ෂය ආරක්ෂා කළ යුතු බවත් පක්ෂය කැඩීයාමට ඉඩදිය නොහැකි බවත් ආරියතිලක අමාත්‍යවරයා කියා සිටියේය. පසුව සංසදයේ සාකච්ඡාවක් පවත්වා පසුව යලි ඔවුන් මාධ්‍ය හමුවට පැමිණියහ. මුලින් මුලසුන දැරූ ආරියතිලක පළාත් අමාත්‍යවරයා එහි සිටියේ නැත. හදිසි පණිවිඩයක් පැමිණ ඔහු ඉවතට ගිය බව දෙවැනිවර මුලසුන දැරූ පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කීවේය.

එහිදී කතා කළ පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිවරුන්වන චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් සකස් කළ යුතු යැයි තම සංසදය තීරණය කළ බවයි.

එමෙන් ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී සිටි සියළු පක්ෂ ඒකරාශී කරගෙන මැතිවරණයට යා යුතු බවටත් යෝජනා තුනක් සම්මත කැර ගත් බවත් ඒවා සවස සමස්ථ ලංකා කාරකසභාවට ඉදිරිපත් කරණ බවත් ඔවුහු කීහ.

කලින් මුලසුන දැරූ යූ.ජී.ඩී.ආරියතිලක පළාත් සභා අමාත්‍යවරයාගෙන් මේ ගැන විමසූ විට ඒ මහතා කියා සිටියේ පක්ෂය දෙකඩ කරණ කිසිදු තීරණයකට තමන් එකඟ නොවන බවයි.

Splits in Srilanka’s slfp

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.