ශ්‍රීලනිපය දෙකඩවෙයිද?

 

නාග විහාරයට ගිය මොහොත
නාග විහාරයට ගිය මොහොත

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත් පක්ෂපාතී පිරිසක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාතී පිරිසක් ලෙස සාමාජිකයින් දෙකට බෙදී ‘බලය ලබාගැනීමේ සීතල යුද්ධයක්’ ක්‍රියාත්මක වීම නිසා මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බැවින්, මහ මැතිවරණයට පෙර පක්ෂය දෙකඩවීමේ අවදානමක් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත්කිරීමට යාමේදී විධායක සභාව පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව දැනුම්වත් කර එම කාර්යය සිදුකළද පෙරේදා (14) බත්තරමුල්ල ‘අපේ ගම’පරිශ්‍රයේදී සමස්ත ලංකා කාරක සභාවට නොදන්වා නිලධාරී මණ්ඩලය පත්කරගෙන තිබීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ.

‘අපේ ගම’ පරිශ්‍රයේදී පත්කළ නිලධාරී මණ්ඩලය පිළිබඳව විරෝධය පළකළ ශ්‍රි.ල.නි.ප. සමස්ත ලංකා කාරක සභිකයන් පවසන්නේ පක්ෂය දෙකඩ කිරීමේ උවමනාවක් මේ හරහා දියත්වන බවයි.

මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කරන පිරිස දිනා ගැනීමට හෝ නාම යෝජනා ලබා දීම මගින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින පිරිස් පාලනය  කර ගැනීමට නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම ජයන්ත කටයුතු කරනු ඇතැයි අපේමෛත්‍රීපාලක්ෂා කෙරේ.සුසිල් ප්‍රේම ජයන්ත මුලදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට දැඩි පක්ෂපතිත්වයක් දැක්වුවත් පසුව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඒ ආකාරයටම සේවය කළේය.එහෙයින් මේ වටයේදීදීත් සුසිල් ප්‍රේම ජයන්ත මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍යය ලෙසින් කටයතු කරතැයි යන විශ්වාසයෙන් ඔහුව ජාතික සංවිධායක තනතුරට පත් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

විධායක සභාව නියෝජනය කරන නිලධාරීන් පිරිස මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයෙහිලා සලකන අතර, සමස්ත ලංකා දිස්ත්‍රික් කාරක සභිකයන් තමන්ගේ නායකයා ලෙස සලකන්නේ මහින්ද රාජපක්ෂ මහතාය.පෙබරවාරි 18 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් නුගේගොඩ පවත්වන රැස්වීමට තමන්ගේ සම්බන්ධයක් නැතැයි පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

මේ තත්ත්වය තුළ මහ මැතිවරණයට පෙර ශ්‍රී.ල.නි.ප. දෙකඩවීමේ අවදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

A Split in the Ssri lanka’s SLFP.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.