ශ්‍රීල.නි.ප.යට ජාතික ආණ්‌ඩුවේ ඇමැති ධුර 25 කේවල් කරයි

arugambay

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ එක්‌සත් ජාතික පක්‍ෂය එක්‌ව ඉදිරියේදී ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනගන්නේ නම් එම ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැති ධුර 25 ක්‌ සහ නියෝජ්‍ය ඇමැති ධුර 25 ක්‌ ශ්‍රීල.නි.ප.යට හිමිවිය යුතු බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යෝජනා කර ඇත.

පසුගිය රජය සමයේ විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ජාතික ආණ්‌ඩුවේ ඇමැති තනතුරු ලබා නොදිය යුතු බවටත් යෝජනා කර තිබේ.

ජාතික ආණ්‌ඩුවේ නව කැබිනට්‌ ඇමැති ධුර පත්කිරීමේදී ප්‍රධාන ඇමැති ධුර කිහිපයක්‌ ශ්‍රී.ල.නි.ප.යට හිමිවිය යුතු බවත් මෙම ජාතික ආණ්‌ඩුව 2016 වසර දක්‌වා පවත්වාගෙන යා යුතු බවටත් ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු යෝජනා කර ඇත.

downloadparliment

 

 

 විශ්වාශ භංග යෝජනාවක්

මෙම යෝජනා සම්බන්ධව විපක්‍ෂ නායකවරයා මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැති බවත් බහුතර කැමැත්තට එකඟතාව පළ කරනු ඇති බවත් විපක්‍ෂ නායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියන ආකාරයකට කටයුතු කිරීමට සිදුවෙනු ඇත. හැකි නම් විශ්වාශ භංග යෝජනාවක් ගෙනවිත් තමන් පරජය කරන ලෙස වික්‍රමසිංහ මහතා ශ්‍රී.ල.නි.ප යට අභියෝග කළේය.

කේවල් කිරීමේ යෝජනාවක්

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වී ඇති තත්වය අනුව එක්සත් ජාතික පක්ෂය මෙම යෝජනාවට එකඟ නොවීමට ඉඩ ඇත.එහෙයින් මෙය හුදෙක් කේවල් කිරීමේ යෝජනාවක් පමණක් විය හැකිය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළබඳව තීරණාත්මක බලයක් ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.ඔහු රනිල් වික්‍රමසිංහ මහතා කියන  දේට එහා කටයුතු කරතැයි සිතිය නොහැක.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කර ඇති ජාතික ආණ්‌ඩුවට ජනතා විමුක්‌ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික නිදහස්‌ පෙරමුණ, මහජන එක්‌සත් පෙරමුණ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විරෝධය පළකර ඇත. ඔවුනගේ මතය වී ඇත්තේ අප්‍රේල් මාසය වන විට ආණ්‌ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බවයි.එහෙත් මේ කිසිම පක්ෂයකට මැතිවරණයකින් වැඩි වාසියක් ලබාගත නොහැකි හෙයින් හුදෙක් නාමික විරෝධයක් පාමින් පවතින තත්වය එලෙසම පවත්වා ගෙන ය හැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.