ශ්‍රී ලංකන් ගැන බොරු කෝටියක්

SriLankan_Airlinesශ්‍රී ලංකන් ගුවන් සේවාව පිළිබඳව අසත්‍ය තොරතුරු බෙහෙවින් පැතිරෙන බව එහි ප්‍රධාන විධායක සුරේන් රත්වත්තේ කියා සිටී. අසත්‍ය තොරතුරු ප්‍රචාරණය මුළු ලෝකය පුරාම පැතිර යන ව්‍යාජයක් වන බවයි ප්‍රධාන විධායකයා පවසන්නේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවාව පිළිබඳව පැතිර යන අසත්‍ය ප්‍රචාර විශ්වාස නොකරන ලෙස ඔහු ඉල්ලා සිටී.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මෙන්ම ප්‍රධාන විධායක සුරේන් රත්වත්තේ සේවයෙන් ඉවත් කළ යුතු බවයි.

ගුවන් සේවාවේ අනාගතය පිළිබඳ ගැටලු මතු වී ඇති අතර සේවකයින් අතර දැඩි අසහනයක් පැතිර යන බවයි වාර්තා වෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.