ශ්‍රී ලංකන් ගැන වැලිඅමුණ වාර්තාව හුඹස් පෙටියට?

ශ්‍රීලංකන්  ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණගේ නායකත්වයෙන් යුත් හතරදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දූෂිතයින්ට උපරිම දඬුවම් දීමට පියවර ගන්නා ලෙස ශිෂ්ඨ සම්පන්න සමාජයක් සඳහා වූ ලංකා ජාත්‍යාන්තරය ඉල්ලා සිටී.

 

තෙසතියක් වැනි කෙටි කාලයක් තුල මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැලිඅමුණ ඇතුලු පරීක්ෂණ මණ්ඩලයට ලංකා ජාත්‍යාන්තරය සිය ආචාරය ද පුද කරයි. එමෙන්ම මෙම කමිටුව පත් කරන ලද ඇමැති අර්ජුන රණතුංග මහතාටද ස්තුතිය හිමිවිය යුතු බවත්වෙනත් කාරනා සම්බන්දයෙන් තමන් නිර්දෝශී යැයි ප්‍රකාශන නිකුත් කරන රාජපක්ෂවරුන්ගේ සහ උනගේ සට්ටැමියන්ගේ මුඛ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කැරෙන චෝදනා සම්බන්දයෙන් අඟුළු වැටි ඇති තිබෙන බවත් සදහන් කරයි.

ජනාධිපති පියා විසින් නාමල් රාජපක්ෂ පුත්‍රයාගේ සේවය සඳහා මිලියන ගණනින් ගෙවා එයාර් ලංකා ගුවන් සේවාකාවන් ලබා දී ඇති අන්දමත් එම ගුවන් සේවයම යොදා ගෙන යෝෂිත රාජපක්ෂ පුත්‍රයාගේ වානිජ කටයුතු සඳහා ආම්පන්න ගෙන්වා ඇති අන්දමත් ජනාධිපතිගේ මස්සිනාට සිය සුරතලියන් සමඟ ලොව වටා යෑමට පහසුකම් දීම යනාදී මෙම වාර්තාවෙන් ඉදිරිපත් කැරෙන කරුණු අතිශය ජුගුස්සා ජනකයග.මෙම වාර්තාවෙන් හෙළි කැරෙන දූෂණයන්ට දැවැන්ත මුල්‍යමය වංචාවන්ද ඇතුළත් ය.

මෙම වාර්තාව විසින් පෙන්නුම් කරන එක් වැදගත් කරුණක් නම් රාජපක්ෂ සමයේ දූෂණ වංචා සොයා බැලීම සහ දූෂිතයින් නම් කිරීම කළ හැකි සහ කළ යුතුම කරුණක් බවත් මෙම වාර්තාව අනෙක් ඇමැතිවරුන්ටද ආදර්ශයක් විය යුතු බවට ලංකා ජාත්‍යාන්තරය අවධාරණය කරයි.

වත්මන් ආන්ඩුව දැනටමත් අති විශාල මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් චෝදනා ලබා සිටින මෙම අවස්තාවෙහි මෙම වාර්තාව රාජපක්ෂ සමයේ දී මෙන් කුණු කූඩයට නොයැවීමට වග බලා ගැනීම ශ්‍රී ලංකාවේ සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්හි යුතුකමක් බව ලංකා ජාත්‍යන්තරය විශ්වාස කරයි.

 

Nishantha_Wickramasinghe_China_kit1-720x340

වාර්තාව 

ත.
වාර්තාවේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලන්කන් ආයතන ප්‍රධානී වික්‍රමසිංහ සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් කූට ලේඛන සකසා අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගනු ලැබ ඇත්තේ වික්‍රමසිංහ ගේ ප්‍රයෝජනය සඳහායි.
එය ඔහු වෙත ලබා දී තිබුණු සුඛෝපභෝගී බෙන්ස් රථයට සහ අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයට අමතරව ලබාගත් එකකි
නාමල් වෙනුවෙන්ම වෙන් කළ ගුවන් සේවිකාවකට මාසිකව ලක්ෂ 42 ක් ගෙවලා
වාර්තාවේ සඳහන් සුවිශේෂී හෙලිදරව්වක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ ගේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන්සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර තිබීමයි. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ඉල්ලීමක් මත මෙම ගුවන් සේවිකාව නිදහස් කර ඇති අතර ගුවන් යානය තුළ සිදු කරන කටයුතු සඳහා දෙන දීමනා ඇතුළුව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ඇයට ගෙවා තිබේ.
මෙම මුදල ආපසු ලබාගත යුතු බව වාර්තාව යෝජනා කර ඇත.
ශ්‍රී ලන්කන් ආයතනයට ගුවන් නියමුවන් පුහුණු කිරීමට බඳවා ගැනීමේදී නුසුදුසු අය බඳවා ගෙන තිබේ.  බඳවා ගැනීමේ විභාගය නොකඩවා කිහිප වතාවක් ම අසමත් වූ කිහිප දෙනෙකු ම කළමනාකරුවන්ගෙන් ලැබුණු වාචික ඉල්ලීම් මත බඳවා ගෙන ඇත.
“ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහ ගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී ඇති බවද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.
ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේන ඔහු දරු නිලය සඳහා සුදුසුකම් තිබූ අයෙක් නොවන බව වැලි අමුණ වාර්තාව පවසයි.
එසේවුවද , ඔහු රුපියල් මිලියන එක හමාරක මුදලක් වැටුප් ලෙස ශ්‍රී ලන්කන් සමාගමෙන් ලබාගෙන ඇත්තේ මිහින් ලංකා සහ මොබිටෙල් ආයතන වල ද ප්‍රධානියා ලෙස වැටුප් ලබමිනි
වාර්තාව මගින් හෙළි කර ඇති දුෂණ සහ අක්‍රමිකතා ලැයිස්තුවේ සඳහන් තවත් කරුණක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ සඳහා ලන්ඩනයේ සිට මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ යැවීම සිදුවෙමින් පැවතී ඇති අතර එයට විරුද්ධ වූ ලන්ඩනයේ කළමනාකාරවරයා හිටපු ජනාධිපතිවරයාගේ නියෝගයක් මත හදිසියේ මාරු කර යැවීමයි.
මී ට අමතරව නීති විරෝධී ලෙස පුද්ගලයන් විදේශ වලට රැගෙන යාමට ශ්‍රී ලන්කන් කාර්යමණ්ඩලයේ මැදිහත්වීමක් සහ ගුවන් ආරක්ෂාව පිලිබඳ කිසිදු පළපුරුද්දක් නැති විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් රුපියල් හාර ලක්ෂ පනස් දහසක වැටුපකට බඳවාගෙන තිබීම පිළිබඳවත් වැලිඅමුණ වාර්තාව මගින් එලි දක්වා ඇත.
මේ අතර සති 6ක් වැනි කාලයකින් මෙම වාර්තාව පිළියෙළ කර ලබා දීම පිළිබඳ ව ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ කමිටුවට සිය ප්‍රසාදය පළ කර තිබේ.

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.