ශ්‍රී ලංකන් දුෂණ උඩු ගුවනේ ගසා ගෙන යයිද?

ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ අපචාරි කටයුතු පිළිබඳව ජේ සී වැලිඅමුණ වාර්තාව නිර්දේශ කල පරිදි පියවර නොගැනීම පිළබඳව එම කමිටුව හමුවේ සාක්ෂි දුන් සේවකයින් දැඩි

අසහනයට පත්ව සිටින බව වාර්තාවේ.

රුපියල් බිලියන 120 ක් පමණ පාඩු සිදුවෙන ක්‍රියාකාරකම් සිදුව ඇති බව මේ වාර්තාව මගින් හෙළිදරව් කොට තිබින.Ajith-Dias

 

වාර්තාව නිකුත් කොට මාසයක් පමණ ගතවී ඇතත් අලුතෙන් පත් කල නව සභාපති අජිත් ඩයස් ඇතුළු නවඅධ්‍යක්ෂක මණ්ඩලය මේ සම්න්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් සාක්ෂි දුන් සේවකයින් කියා සිටින්නේ බලවතුන් ගේ වැරදි යටපත් කිරීමේ ක්‍රියාදාමයක් දියත්ව ඇති බවයි.

චෝදනා ලැබූ කීපදෙනෙක්ම  තවමත් තනතුරු හොබවන බව මේ පිරිස පෙන්වා දෙති.වැලිඅමුණ වාර්තාව මගින් චෝදනා ගොනු කළ යුතු බව හදුනාගත් සියලුම දෙනා ගේ වැඩ තහනම් කොට පරීක්ෂණ ආරම්භ කළ  යුතු බවයි මේ පිරිස පෙන්වා දෙන්නේ.

නිසියාකර ගුවන් නියමු පුහුණුව  නොලැබූ අය ගුවන් යානා පැදවීම වැනි බරපතල කරුණු යටපත් කිරීමේ හේතු නිසා ගුවන්යානා සේවය පිළිබඳව තිබෙන ජනතා විශ්වාසය පළුදු විය හැකි බව කමිටුව ඉදිරියේ සාක්ෂි දුන් සේවක පිරිස පෙන්වා දෙති.

 

අජිත් ඩයස්

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.