ශ්‍රී ලංකාවේ සහල්වල ආසනික්-ගැටළුව විසඳෙන්නේ කවදාද?

arsanicgggg
ශ්‍රී ලංකාවේ සහල්වල ආසනික් මිශ්‍රව ඇති බව රජටට විශ්ව විද්‍යාලයේ  චන්න ජයසුමන සහ පිරිස පල කළ පර්යේෂණ පත්‍රිකාවකින් හෙලිදව් වී ඇත. මේ සඳහා සහල් සාම්පල් 170ක් පමණ විමර්ශනයට ලක් කොට ඇත.
කෘෂි රසායන යොදා වගා  කරන ලද නව වී ප්‍රභේද වල ආසනික්  අගය සැහෙන තරම් ඉහළය.එම අගය (20.6 -540.4 μg/Kg) වන අතර මේ හේතුවෙන් භයානක උපද්‍රව්‍ය ඇති විය හැකිය.
කෘෂි රසායන නොයොදා වගා  කරන ලද සම්ප්‍රදායික වී ප්‍රභේද වල ආසනික් සැහෙන තරම් අඩු ය (11.6 – 64.2 μg/Kg).විමර්ශනයට ලක්වූ සාම්පල් වලින් 11% පමණ මිනිස් ආහාරයට නුසුදුසු තරමේ ඉහළ ආසනික් අගයක් සහිතය.
වී  ඇටයේ ස්වභාවය අනුව ඒ තුලට ආසනික් කාන්දු  වීමට ඇති ඉඩකඩ වැඩිය
වී වල ආසනික් රඳවා ගන්නේ නැති වී ප්‍රභේද නිෂ්පාදනය කර ගැනීමටත්  කෘෂි රසායන සහ පලිබෝධ අඩුවෙන් යොදා වී වගාව කරගෙන යාමටත් ක්‍රම සම්පාදනය කර ගත යුතු බවත් මෙම පර්යේෂකයින් පෙන්වා දෙති.
පර්යේෂණ පත්‍රිකාව මෙතැනින්-

Presence of arsenic in Sri Lankan rice

 

images (84)riice

 

 හේතුව හඳුනා නොගත් රජරට වකුගඩු රෝගයට ගොදුරුවූවන් ගේ මුත්‍රා,හිසකෙස් සහ නිය පොතුවල ඉහල ආසනික් සාන්ද්‍රණයක් පවතී බවත් අනවරණය වී තිබේ.
සම්ප්‍රදායික වී වර්ග වගා  කිරීම සිට සහල්  හොඳින් සදා ගැනීම දක්වාවූ පිළියම් ආසනික් ගැටළුව සඳහා යෝජනා වී ඇත.
එහෙත්  ගැටළුව තවමත්  පවතී. ජාතික හෙළ උරුමය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ කියා සිටීයේ තමන් රාජපක්ෂවරුන් සමග විරසකවීට බලපෑ ප්‍රධාන හේතුව වුයේ ආසනික් අඩංගු විෂ ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක පියවරක් නොගනීමයි.සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රචාරණය තුල බැසිල් රාජපක්ෂ හදුන්වා දුන්නේ යුව රජතුමන් ලෙසයි.මේ යුව රජතුමා කෘෂි රසායන සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් ආසනික් බෙදාහැරීමට දායකවන බවට චෝදනා එල්ල විය. මලයාසියාවේ ක්‌වාලාලාම්පූර්හි පිහිටි අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම විශ්ලේෂණ විද්‍යාගාරයක දී ලංකාවේ අලෙවි වන පළිබෝධනාශකවල ආසනික්‌ සහ රසදිය ඇති බව සනාථ වීමන් පසුව පලිබෝධක නාශක රෙජිස්ත්‍රාත්වරයා ගේ ක්‍රියා කලාපය ගැන ප්‍රශ්න මතු විය.පළිබෝධ නාශක සමාගම් පර්යේෂණ කණ්‌ඩායම් වලට චෝදනා කරමින් පලකළ පුවත්පත් දැන්වීම් ගැන ප්‍රශ්න මතුවිය.
වකුගඩු රෝගයෙන් හෙම්බත්ව
වකුගඩු රෝගයෙන් හෙම්බත්ව
බැළු බැල්මට දැන් අළුත් යුගයකි. බැසිල් රාජපක්ෂ අහලක නැත.රතන හාමුදුරුවන් රට කරවන තැනට ළඟය.රට කරවන්නේ රජරට වකුගඩු රෝගීන් වෙනුවන් තමන්ට ප්‍රමාණවත් යමක් කිර්රෙමට ඉඩ නොලැබුණු බව කියන ජනාධිපතිවරයෙකි.
එහෙයින් ආසනික් ගැටලුවට විසදුම් ලබා දෙන ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් කෙරේ අවධානය යොමු කිරීමට කාලය එළඹ ඇත.
Arsenic in rice.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.