ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ සාමකාමී බව අතින් දෙවැනි තැනට

south asia mapශ්‍රී ලංකාව කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙවර ගෝලීය සාම දර්ශකයේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

ලොව පුරා රටවල් 163 ක් සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරෙන ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට මෙවර 67 වැනි ස්ථානය හිමිව ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 13කින් ඉදිරියට පැමිණිමක් වේ.

සාමකාමී රටවල් අතර දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

එම කලාපයේ සාමකාමී රට බවට මෙවරත් පත්ව ඇත්තේ භූතානයයි. අඛණ්ඩව 10 වැනි වසරටත් ලොව සාමකාමීම රට බවට අයිස්ලන්තය පත්ව ඇති අතර නවසීලන්තය, ඔස්ට්‍රේයාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය, පළමු රටවල් 05 අතරට අයත් වෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.