ශ්‍රී ලංකාව බිම් බෝම්බ සෙල්ලම අත් නොහරින බව පවසයි………..

mine-bombsආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටින්නේ ශ්‍රී ලංකාව බිම් බෝම්බ භාවිතය අත්හැරීමට සුදානම් නැති බවයි.
ආරක්ෂක ලේකම් වරයා පවසන්නේ යුද හමුදා කඳවුරුවල ආරක්ෂාව වෙනුවෙන් බිම්බෝම්බ වැළලීමට සිදුව ඇති හෙයින් රජය එම ප්‍රඥප්තියට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ සඳහා විකල්ප ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම පිණිස මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමෙන් අනතුරුව එම ප්‍රඥප්තියට අත්සන් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. එම ප්‍රඥප්තියට අත්සන් නොකිරීම සංහිඳියාව ගොඩනැගීමට ප්‍රශ්නයක් නොවන බව පවසන ආරක්ෂක ලේකම්වරයා, එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධතා බිඳ නොවැටෙන බවත් වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් අධෝරක්ත කැමරා වැනි ලෝකයේ මෙතරම් දියුණු ක්‍රමවේදයන් තිබියදී යුද හමුදා කඳවුරුවල ආරක්ෂාවට බිම්බෝම්බ වැළලීම තුළින් හමුදාවේ අමානුෂිකභාවය පෙන්නුම් කරණ බවයි මානව හිමිකම් ක්‍රියාධරයින් පවසන්නේ.
විද්‍යා අභයගුණවර්ධනගේ අදහසයි. උතුරු පළාත තුළ තවත් වර්ග කිලෝමීටර් හතළිස් හතරක භූමියක් තුළ බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව තිබෙන බව පෙන්වා දෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන ඒ සඳහා තවත් වසර පහළොවක පමණ කාලයක් ගත වනු ඇති බවත් පවසති

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.