ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට රනිල් ගෙන් අනතුරු ඇඟවීමක්

ranil wickramasingheශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකෙන් එකක් තොර ගතයුතුව ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම හමුවී දන්වා ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය යෙන් තවදුරටත් බලපෑම් සහ කෙනෙහිළිකම් සිදුවුවහොත් ලබන ජනවාරි මාසයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. මේ අනතුරු ඇඟවීම පිළිබඳව මුලින්ම හඬ නැගුවේ පසු පෙළ මන්ත්‍රීවරියක් වූ රෝහිණි කවිරත්නයි.

අළුත් ආණ්ඩුවක් පිළිබඳව කථා කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අයට ඇය පැවසුවේ ‘පුලුවන් නම් යන්න’ යනුවෙනි. දැන් රනිල් පවසන්නේ ‘මෙහෙම හැසිරුනොත් අපි වෙන්වෙනවා’ යන්නයි.

නොවැම්බර් අයවැය විවාදයට පෙර දෙපිරිසම තම බලය සඳහා කේවල් කරමින් සිටිති. දැන් පවතින තත්වය හමුවේ මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ඇත්තේ සීමිත අවස්ථා කීපයක් පමණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.