ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්වීම් ?

 SLFP2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහා නව සමාජිකයින් කිහිප දෙනෙකු පත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කරන්නේ අර්ජුණ රණතුංග, නන්දිමිත්‍ර ඒකනායක, එදිරිවීර වීරවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ප්‍රසංග සෝලංග ආරච්චි යන මහත්ම මහත්මින් මෙලෙස පත් කර ඇති බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහා තමන්ව තෝරාපත් කර ගැනිමට අදාළ ලිපිය ලැබුණු බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසංග සෝලංග ආරච්චි මහතා පවසා ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්  අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා සඳහන් කර තිබෙන්නේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට පත්කර ගත් බවට ලිපියක් නොලැබුණු බවයි.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් බන්දුල ගුණවර්ධණ, සාලින්ද දිසානායක, ටී.බී. ඒකනායක, එස්.එම් චන්ද්‍රසේන යන සාමාජිකයින් කිහිප දෙනෙකු ඉවත් කළ අතර ඒ විනය ක්‍රියාමාර්ගවලට පටහැණිව ඔවුන් කටයුතු කිරීම නිසා බව කියැවිණි.

 

 

 

සුසිල් සාමදානෙට කතා කරයි

 

 

'ඉවත් කල මධ්‍යම කාරක සභිකයින් යලි ගන්න සුදානම්' -සුසිල්

 

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රිවරුන් පස් දෙනෙකුගේ මධ්‍යම කාරක සභා සමාජිකත්වය අත්හිටුවීමේ තීරණය බොහෝදුරට යළි සලකා බැලෙනු ඇතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු පැවසුවේ, කලබල නොවී තව සති දෙකක් පමණ බලාපොරොත්තුවෙන්  සිටීම වැදගත් බවයි.

සාලින්ද දිසානායක, එස්එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටීබී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් පස්දෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්හිටවනු ලැබ ඇති බව ඔවුන්ට සෙනසුරාදා ලිපි මගින් දැනුම් දී තිබිණ.

එය මීට දින කිහිපයකට පෙර ගනු ලැබූ තීන්දුවක් බව කියා සිටි සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා, එම ලිපි ලැබුණු මන්ත්‍රීවරයකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සෙනසුරාදා උදය වරුවේ ජනාධිපතිවරයා හමුවී ඉතා සුහද සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ සම්බන්ධ අවසාන තීන්දුව ගැනීමේ බලය පවතින්නේ පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයාට බවද  සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය

 

බන්දුල ගුණවර්ධන නෙරපීමට එරෙහි විරෝධය
බන්දුල ගුණවර්ධන නෙරපීමට එරෙහි විරෝධය

 

 

 කුමාරතුංග මහත්මියට බැන වදිමින් හූ කී පිරිස අධිකරණයට 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිසා සමුළුවේ දී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බැන වදිමින් හූ කී පිරිසකට විරෝධය දැක්වූ නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දුන් බවට සැක පිට අධිකරණයට ඉදිරිපත් වූ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ නීතීඥයෙක් ඇතුළු පස් දෙනෙක් ඇප මත මුදා හැර තිබේ.

කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් සුදත් විජේවික්‍රම මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ රුපියල් 2500ක මුදල් ඇප මෙම පුදගලයන් නිදහස් කොට ඇති බව වාර්තා වේ.

මෙම පිරිස ශ්‍රීලනිප පාක්ෂිකයන් වන අතර කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන් වන අබ්දුල් සත්තාර, සංජීව විතාරණ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක රණසිංහ, නීතීඥ අරුණ දිසානායක සහ එම් කේ පුෂ්පකුමාර යන අයවේ.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.