ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීමට සැරසේ

 economist-pic

පසුගිය කාලයේ ශ්‍රීලනිප කියා පක්ෂයක් නොතිබුන බවත් ඉදිරියේදී විවේචනයට ඉද දෙමින් තමන් පක්ෂය ගොඩ නගන බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අමතමින්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

තමා කිසි විටෙකත් ප‍්‍රශස්ති අපේක්ෂා නොකරන බවත්,  සැමවිටම විවේචනයට වඩාත් කැමති බවත්,  පවතින රජයේ  අඩුපාඩුකම් ද විවේචනය කරන ලෙසත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම රැස්වීමේදී මන්ත්‍රීවරුන් අමතා පැවසිය.

 

පක්ෂ නායකත්ව කටයුතු කලේ බාහිර පුද්ගලයින්ගේ උපදෙස්මත බව සිරිසේන මහතා කියා සිටියේය.

 

මහා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක මොහොතක දී පවත්වන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත.

දැන් පක්ෂයේ සියලු දෙනාට නිදහස ලැබී ඇති බව පැවසු ජනාධිපතිවරයා, සහෝදර මන්ත්‍රීවරුන් සමග අදහස් හුවමාරු කර ගැනීමට දැන් බිය නොවන්නැයි ද කියා සිටියේය.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් ගොඩනගන බවටද ජනාධිපතිවරයා එහිදී සහතික විය.

කෙසේ වෙතත් පක්ක්ෂය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යා හැකි දුර පිළිබඳව සීමාවක් තිබෙන බව විචාරකයින් පෙන්වා දෙති.

එක්සත් ජාතික පක්ෂය සමග තිබෙන එකඟතාව අනුව කටයුතු කරනවා මිස ඊට විකල්පයක් හෝ අභියෝගයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැත.

දැනට කළ  හැකි වන්නේ පුද්ගල මට්ටමෙන් වැඩි ජන ප්‍රසාදයක් ඇති අපේක්ෂකයින් තෝරා ගෙන ඔවුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට කටයුතු කිරීම පමණි.

ඉදිරි ආණ්ඩු ක්‍රම සංශෝධන වලදී පක්ෂය තුල තැන දුරටත් බෙදීම් ඇතිවීමට ඉඩ තිබේ.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.