ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව පෙරට

downloslfp

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ කළහොත් ආසන සංවිධායකින් පිරිසකට නාමයෝජනා  නොලැබෙන හෙයින් පක්ෂ දෙක වෙන් වෙන්ව තරඟ කිරීමටට වැඩි ඉඩක් තිබේ.

ඒ සමගම විමල් වීරවංශ ,ඩිව් ගුණසේකර,වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ආදීන් හට තමන්ගේම මාර්ගයක් සම්පාදනය කරගැනීමට සිදුවෙනු ඇත.මේ පිරිසට විස්වාසනීය

යමක් ඡන්දදායකයාට කීමට තිබේද යන්න ප්‍රශ්නයකි.

දැනට පවතින තත්වය හමුවේ මීලඟ මහා  මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් පසුබෑමකට ලක්වීමට ඉඩ ඇතත් දිගුකාලීනව තනි පක්ෂයක් ලෙස ඊට වර්ධනය වීමේ හැකියාවක් ඇති බව දේශපාලන නීරීක්ෂකයින් පෙන්වා දෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නවීන පක්ෂයක් ලෙස ගොඩනැගීමට නම්  අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට ඊටම ආවේනික දේශපාලන දර්ශනයක් ගොඩනග ගත යුතුව ඇත.

downloahandd

 

අත ලකුණ යටතේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ අවසන් වරට මැතිවරණයක් සඳහා තරඟ වැදුනේ 1989 පාර්ලිමේන්තු මැතිවරණයේදීය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 58 ක් දිනා ගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී 9 ත් සමග ආසන 67 ක් හිමිවිය. එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 110 ක් දිනා ගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී 15 ත් සමග ආසන 125 ක් හිමිවිය. 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන එක්සත් පෙරමුණ නමින් හා 2004 දී එක්සත් ජනතා සන්ධානය නමින් සන්ධානගත වී තරඟ වැදිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව දේශපාලන සටනකට යලි පැමිණීමට මේ සැරසෙන්නේ වසර 26 කට පසුවය.

මහින්දාගමනය

මේ අතරවාරේහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකවරයා කරවීම වෙනුවෙන් එන බ‍්‍රහස්පතින්දා දිනයේ නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය වී ඇත.

දිනේෂ්  ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ වාසුදේව නානායක්කාරගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම දේශපාලන පෙරමුණට එක්ව සිටියි.

‘මහින්දාගමනයට ඔබ සූදානම්ද?’ යන  මැයෙන් දැනටමත් මෙකී පක්ෂ මහජන රැස්වීම් මාලාවක් පවත්වාගෙන යයි.මේ තුල මහින්ද රාජපක්ෂ මහතාගේ භූමිකාව පැහදිලි නැත.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.