ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පනින්න ගිය පිරිස හිර වේ

arundikaආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 18 දෙනකු සැප්තැම්බර් මාසයේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කොට ඇති බව සිටින පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රී කළ ප්‍රකාශය අකුලා ගැනීමට සිදු වී ඇත. මේ හේතුවෙන් කවුරුවත් විපක්ෂයේ අසුන් ගැනීමට නොයන බව ඩිලාන් පෙරේරා ලවා ප්‍රකාශ කිරීමට සිදු වී තිබේ.වෙනස් කිරීම සලකා බැලීමට එම කණ්ඩායම ජනාධිපතිවරයා වෙත කොන්දේසි දෙකක් ඉදිරිපත් කිරීමට යයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීම අරුන්දික ඇතුළු පිරිසේ ඉල්ලීම විය.

හැම දෙනාම නිහඬය.

පසුගිය බදාදා (12දා) ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලනිප ඇමැතිවරුන් ඇතුළු පිරිස හමු වී කළ සාකච්ඡාවේදී තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගන්නා බවට කළ දැනුම්දීමේදී දෙසැම්බර් මාසය දක්වා එය කල් දමන ලෙසට ඉල්ලීමක් කළත් ඒතරම් කාලයක් ආණ්ඩුවේ රැඳී සිටීමට අපේක්ෂාවක් නැති බව පැවැසූ නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.එහෙත් දැන් පවතින තත්වය අනුව වැඩි යමක් කල නොහැකි බව මේ පිරිස තේරුම් ගෙන ඇත. 

ආණ්ඩුවෙන් ඉවත් වන්නට යන්නේ කවුරුන් දැයි නම් වශයෙන් සඳහන් කළ හැකි දැයි නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් පුවත් පත් වාර්තා කරුවෙක් ඇසු විට ඔහු කීවේ තමන් ඇතුළු මේ පිරිස පෙළ ගැසී සිටින බවයි. ටී.බී. ඒකනායක, නිමල් ලාන්සා, ඩුලිප් විජේසේකර, සුමේධා ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානාත් බස්නායක, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, පියංකර ජයරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, ඩබ්ලිව්. ඩී.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එල්.එම්. හිස්බුල්ලාහ්.

දැන් මේ හැම දෙනාම නිහඬය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

2 thoughts on “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පනින්න ගිය පිරිස හිර වේ

  • July 17, 2017 at 4:12 pm
    Permalink

    Yanawaanam anay ralama aran yana thanakata pala raththaran.

    Reply

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!