ශ්‍රී.ල.නි.ප. බලවතුන් හදිසියේ රැස්වෙයි.

slfp-logo

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ කමිටු රැස්වීමක් අද (15) පස්වරුවේ පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව අද (15) රාත්‍රී 8.00 ට එම විශේෂ රැස්වීම පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) පස්වරුවේ විශේෂ ප්‍රකා‍ශයක් සිදුකිරීමෙන් පසු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් තුළ බලවත් නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාව වහා රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතුව ඇති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වාදී තිබිණි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.