ශිරන්තිට විමල් ගෙන් ගෙවල්

 

Wimal-ttt

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් එවකට නිවාස ඇමති වශයෙන් සිටි විමල් වීරවංශ මහතාගෙන් විවිධ වරප්‍රසාද ලබා ගෙන ඇත.

මෙහි මූලිකම කරුණ වී තිබෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කළ මිලින්ද රත්නායක නැමැත්තාට නිවාසයක් ලබා දීමය. නීති විරෝධීව විමල් වීරවංස හිටපු ඇමතිවරයා විසින් තම ඥාතීන් ගණනාවකට නිවාස ලබා දී ඇති අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියද එයින් එක් නිවසක් තම කාර්ය මණ්ඩලයේ මිලින්ද රත්නායකට ලබා දී ඇත.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවත්වාගෙන යනු ලබන කාල්ටන් පෙර පාසල් සමූහය තුළ මහා පරිමාණ මුදල් අයකිරීම් සිදු වී ඇති අතර එම පෙරපාසල්වල ඉගෙන ගත් ළදරුවන් රජයේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරවීමටද විවිධ බලපෑම් සිදු කර ඇති බව හෙළිවෙමින් තිබේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවත්වාගෙන යන සිරිලිය සවිය නම් රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුම සඳහා ව්‍යාජ ජාතික හැදුනුම්පත් අංකයක් යොදා ගෙන ඇති අතර විමල් වීරවංස හිටපු ඇමතිවරයාගේ බිරිඳද ව්‍යාජ ජාතික හැදුනුම්පතක් යොදාගෙන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක්ද සකස් කරගෙන ඇත. එමෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය රාජ්‍ය ලංඡන සහිත ලිපි ශීර්ෂයක් භාවිතා කිරීමද මතභේදාත්මක කරුණක් වී තිබේ.

රාජපක්ෂ පවුල සහ එයට සමීපව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් නීති විරෝධීව කරගෙන යනු ලැබූ කටයුතු ගණනාවක් සම්බන්ධයෙන් මේ වනවිට හෙළි වී ඇති අතර එම කටයුතු සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳවද මේ වනවිට බරපතල තත්වයක් මතු වී තිබේ.

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.