ශිරන්තිට විශේෂ කට උත්තර ගැනිල්ලක්

 

 

6 (1)

 

 

 

 

හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමක් අනුව අද (1) උදෑසන එහි පෙනී සිටීමට මිරිහාන නිවසින් පිටත් වූවාය.

සිරිලිය සවිය නමින් මහජන බැංකුවේ මරදාන සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකට බැංකු ශාඛා රැසකින් රුපියල් කෝටි ගණනින් මුදල් බැරකර ඇති බවට සැක සහිත ගනුදෙනුවක් සිදු කළ බව කියන පැමිණිල්ලකට  අනුව ප්‍රකාශයක් ලබාදීමට නියමිතව සිටියාය.

ජනාධිපතිවරයාගෙන් කට උත්තර ගැනීමට පළවෙන විරෝධය පිළිබඳව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මීට එරෙහි වන්නේ නම් එසේ පැවසෙන නීතියක් සම්මත කරගත යුතු බවයි.එසේ කරන්නේ නම් තමන්ට දුර්වලයින් සහ දුප්පතුන් ගේ පැමිණිලි  සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි බවයි.

නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙතොත් කට උත්තරය කොහෙද්දී ගත්තත් ගැනෙන්නේ එකම කට උත්තරයයි එසේ  නම් මේ බලපෑම් කෙරෙන්නේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකරීමට බව කෙනෙකුට කල්පනා කල හැකිය.1

රාජපක්ෂ මහත්මිය මේ මොහොතේ කථා නායක නිල නිවසේදී පොලිසියට කටඋත් තර ලබා දෙමින් සිටින බව එහි වාර්තා කියයි.

මාධ්‍යවේදීන් ඇතුළු පිරිස ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අසල රැඳී සිටියද ඇය කටඋත්තරය ලබාදීම සඳහා කථා නායක නිල නිවසට ගිය බව කියති.

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!