ශිරන්ති රාජපක්ෂ ගේ ‘සිරිලිය සවිය’ ප්‍රශ්න කෙරේ

 

Shiranthi-Rajapaksa-and-Jan

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවත්වාගෙන යන බව කියන “සිරිලිය සවිය” නම් රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුමකට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇතැයි ලංකා ටෘෘත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ගිණුම් අංකය 143100146235069 යටතේ මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ගිනුමකට මෙසේ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇති බව පැවසේ.

එම ගිණුමෙන් මුදල් ලබාගැනීමේ බලය පවරා ඇත්තේ එස්. රාජපක්ෂ, ඒ.එම්.ජේ.ඒ. කුමාරි සහ කේ.කේ. දිසානායක යන තිදෙනාට බව පැවසේ.

මෙහි එස්. රාජපක්ෂ යනු ශිරන්ති රාජපක්ෂය.

ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය 222222222V යනුවෙන් සඳහන් වන අතර ඒ.එම්.ජේ. ඒ. කුමාරි නම් කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සටහන්ව ඇත්තේ 111111111V යන්නකි.

කෙසේවවුද කේ.කේ. දිසානායක නම් තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකය 587060958V යනුවෙන්ද සඳහන් වේ.

කෙ.කේ. දිසානායක යන නමින් එම බැංකු ශාකාවේම වෙනත් ගිණුමක් ඇති බවද එහි ජාතික හැඳුනුම්පත් අංකය මීට වෙනස් බවද වර්තා වේ.

“සිරිලිය සවිය” නම් රාජ්‍ය නාවන සංවිධානයට අයත් මෙම ගිණුමේ රුපියල් මිලියන 43.8ක (රුපියල් 43,800,000) මුදලක් පවතින බවද ලංකා ටෘෘත් වාර්තා කරයි.

එම සංවිධානයේ ලිපිනය කාල්ටන් බංගලාව තංගල්ල යනුවෙන් සඳහන් කර ඇති බවද පැවසේ.

 

Shiranthi Rajapaksha’s accounts in question.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.