ශිරන්ති රාජපක්ෂ මහා භාණ්ඩාගාරයේ රත්තරන් කිලෝ 100ක් අලෙවි කිරීමට තැත් කළා-පැමිණිල්ලක්

 

ශ්‍යාමලී පෙරේරා
ශ්‍යාමලී පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආර්යා ශිරන්ති රාජපක්ෂට මහත්මිය මහා භාණ්ඩාගාරයේ රත්තරන් කිලෝ 100ක් වංචනික ලෙස අලෙවි කිරීමට තැත් කල බව  අත්අඩංගුවේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලි පෙරේරා මහත්මිය කියා සිටී.

Shiranthi-Rajapaksa-and-Jan

ඇය කියා සිටීයේ තමන්ට තර්ජන එල්ල වූ බවයි “මහා භාණ්ඩාගාරයේ රුපියල් ලක්ෂ 5000 පමණ වටිනා රත්තරන් කිලෝ සියයක් වංචනික ලෙස අලෙවි කරන බවට මගේ සැමියා වන වාස් ගුණවර්ධන කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටියදී හමුදා බුද්ධි අංශයෙන් තොරතුරක් ආවා.  ඒ ගැන විමර්ශනය කිරීමේදී මහින්ද රාජපක්ෂගේ බිරිඳ ගැනත් කියැවුණා. පසුව මගේ මහත්තයා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළා. මගේ පුතාත් අත්අඩංගුවට ගත්තා. මේ ගැන කිසිදු හෙලිදරව්වක් කරන්න එපා කියලා මටත් පවුලේ අනිත් අයටත් දිගින් දිගටම තර්ජන ආවා. හෙළි කළොත් ආයේ මගේ මහත්තයට කවදාවත් එළියට එන්න දෙන්නේ නැහැ කිව්වා” යනුවෙනි.

VassWife1_600px_15_01_26

වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ හා ජනාධිපති ආර්යාව එක්ව මෙම ගනුදෙනුව සිදුකර පසුව මුදල් බෙදාගැනීමේදී යම් ආරාවුලක් ඇතිවූ බව මීට පෙර වාර්තා විය.

වාස් ගුණවර්ධන මෙන්ම ඔහුගේ බිරීඳ සහ  පුතාත් අපරාධකාරී ක්‍රියා වල නිරත  වී ඇති බව මීට පෙර වාර්තා වී තිබේ.

VassWife2_600px_15_01_26

[vsw id=”/WkqvumKrfXk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.