ශිරාණි විශ්‍රමයට ශ්‍රී පවන් තනතුරට -නරක පුර්වාදර්ශයක්

IMG_20150128_125831

අගවිනිසුරුවරිය ලෙස ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හෙට (29) නිල වශයෙන් වැඩ බාර ගැනීමෙන් අනතුරුව එදිනම එම තනතුරින් විශ්‍රාම යාමට නියමිත බව අනාවරනය වෙමින් පවතී

ඒ අනුව හෙට (29) මීළඟ  අගවිනිසුරුවරයා ලෙස කේ.ශ්‍රී පවන් මහතා පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් අගමති රනිල් වික්‍රමසිංහ තුල වැඩි ප්‍රසාදයක් නැති බවයි ආරංචි වෙන්නේ.

7e302c66ad0e25380fef5e8c70272a7a_L

 

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හෙට නිල වශයෙන් සිය ධුරයෙන් විශ්‍රාම  ගැනීම නිසා  ඇයට අහිමිවූ විශ්‍රාම වැටුප හා වරප්‍රසාද නැවත හිමි වන බව සදහන් වෙතත් ඇයට හිඟ පඩි හෝ සිදුවූ අකටයුත්තට වන්දියක් ලැබේද යන්න පැහැදිලි නැත. මේ අතර වාරේ ඇගේ ස්වාමි පුරුෂයාට  සහ ඇයට එරහිව නඩු විභාග වෙමින් පවතී.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් නිල වශයෙන් හෙට ඉවත් වීමෙන් අනතුරුව හෙට දිනයේම නව අගවිනිසුරුවරයා ලෙස කේ. ශ්‍රී පවන් මහතා පත් කිරීමට රජය තීරණය කර ඇතත්  අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට ඉවත් කරන්නේ කෙලෙසද යන්න පැහදිලි නැත.

කේ. ශ්‍රී පවන්

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තනතුරෙන් ඉවත් වූ වහාම කේ. ශ්‍රී පවන් මහතාට ඉලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ශ්‍රී පවන් මහතාට දිව්රුම් දීමට ආරාධනා කල හැකිය.

කේ. ශ්‍රී පවන් විනිසුරුවරයා වැඩි දෙනාගේ ප්‍රසාදය දිනාගත් නීතිවේදියෙක් වන හෙයින් මේ පත් වීම කලබලයකින් තොරව කරගත හැකි වෙනු ඇතැයි විශ්වාශ කෙරේ.

ශ‍්‍රී ලංකාවේ හත්වැනි ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී දිවුරුම් දුන්නේද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ශ‍්‍රී පවන් මහතා ඉදිරියේදීය.  සාමාන්‍යයෙන් මෙම දිව්රුම් දීම කරන්නේ අගවිනිසුරු ඉදිරිපිටයි.මෙහිදී අගවිනිසුරු මොහාන් පීරිස් විරෝධය පල කළේ නැත. එලෙසින්ම කේ. ශ්‍රී පවන් මහතා ගේ පත් කිරීමට විරෝධයක් පල නොවේ නම් දැනට ගැටළුව විසඳිය හැකිය.ඒ ආකාරයට ගැටළුව විසඳුනත් අගවිනිසුරු වරුන් පත් කිරීම පිළිබඳව නරක පුර්වාදර්ශයක් ඉතිරි  වනු ඇත.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සිදුවූ අකටයුත්තට එරෙහි වන ගමන් ඇගෙන් සිදුවූ අතපසුවීම් ගැනත්  සමාජය තුල යම් සංවාදයක් තිබිය යුතු බව තර්ක කරන පිරිසක් සිටිති.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.