ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගැන කතා නොකරන්නැයි රනිල් ගෙන් දැඩි අවවාදයක්

stop-talkingශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් කතා නොකල යුතු බවට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දැඩි ලෙස තමන්ගේ පාක්ෂිකයින්ට අවවාද කර ඇත. මීට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් කොලොන්නාවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර්ගේ කාර්යාලයක් විවෘත කරමින් සිදුකර ඇති කතාවක්ය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වන බව කියන කැරලිකාර කණ්ඩායම් ගැන කබීර් අදහස් පළකරමින්  “යන අයට යන්න කියන්න. ආණ්ඩුවට ඒ වගේ තීරණ වලින් බලපෑමක් නැහැ” යැයි පවසා තිබුණේය.

මේ පිළිබඳව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් දැඩි ලෙස උරණව ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රමට දුරකතන ඇමතුමක් ලබාදී සිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ගැටලූ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට මැදිහත් නොවන ලෙසයි.

මේ පිළිබඳව රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු තමන්ගේ පාක්ෂිකයින්ටත් කබීර් හෂීම්ටත් කියා සිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ගැන අදහස් පල කිරීමෙන් වැලකී සිටින ලෙසයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.