සංගරීගෙන් කොටි රහස්

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක නානන්ද සංඝරී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව කියා සිටියත් ඔහු නිහඬ නොවෙන බවයි පෙනෙන්නේ.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මගින් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකුට නාම යෝජනා ලබා දීමට තමන් ඉඩ දුන් බව එම පක්ෂයේ නායක ආනන්ද සංගරී පවසයි.

එල්ටීටීඊ සංවිධානයට තමන් අදටත් විරුද්ධ නැතත් ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට එදා සිටම විරුද්ධ වූ බව ද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ වවුනියාවේ පිහිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලයේ දී බීබීසිය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

එල්ටීටීඊ දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විසඳීමට නායකත්වය ගෙන කටයුතු කළත් ඔවුන් අනුගමනය කළේ තුවක්කු සංස්කෘතියක් බැවින් තමන් ඊට එරෙහි වූ බවයි ආනන්ද සංගරී කියා සිටියේ.

ප්‍රභාකරන් සමග ලිපි ගනුදෙනු

සිය විරෝධය දන්වමින් එල්ටීටීඊ නායකයාට තමන් ලිපි පහළොවක් පමණ යැවූ බව පැවසූ ආනන්ද සංගරී එහි අවසන් ප්‍රතිඵලය වූයේ දෙමළ ජාතික සන්ධානය විසින් තමන්ව අත් හැරීම බවයි පැවසුවේ.

දෙමළ ජාතික සන්ධානයේ නායකයින් එල්ටීටීඊ සංවිධානය සමග රහසිගතව සාකච්ඡා කොට තමන්ව එම පක්ෂයෙන් ඉවත් කළා මිස තමන් ඉන් ඉල්ලා අස් නොවූ බවයි ආනන්ද සංගරී පවසන්නේ.

null
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය

එදා සිට තමන් තනිවම මැතිවරණ වලට තරඟ කරමින් උත්සහ කරන්නේ උතුරු නැගෙනහිර පළාත් වල මෙන්ම ශ්‍රී ලංකාවේ ජාති ආගම් භේද වලින් තොර දේශපාලන පරිසරයක් බිහි කිරීමට බවයි ඔහු කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානය එකිනෙකා සමග එක්ව කටයුතු කරණ බව සාමාන්‍ය දෙමළ වැසියන්ට ඒත්තු ගන්වමින් ඔවුන් රවටමින් කටයුතු කරන බව පවසන ආනන්ද සංගරී, දෙමළ ජාතික සන්ධානය තුළ ඇති අර්බුද වසා ගැනීමට ඔවුන් විශාල උත්සාහයක නිරත වන බවද කියා සිටියේය.

මේ වන විට අහිංසක දෙමළ වැසියන්ගේ එකම ‘හතුරා’ බවට පත්ව සිටින්නේ දෙමළ ජාතික සන්ධානය වන බවයි ඔහු පවසන්නේ.

රනිල් සහ චන්ද්‍රිකා

ආනන්ද සංගරී වැඩි දුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහටත් චන්ද්‍රිකා කුමාරතුංගටත් දේශපාලනයේ දී සාමූහික ව කටයුතු කිරීමට හැකි වුවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට සෙසු දෙමළ පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට නොහැකි වීම දෙමළ වැසියන්ගේ අහාග්‍ය බවයි.

null
වවුනියාවේ පිහිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය

දෙමළ ජාතික සන්ධානය මේ වන විට දෙමළ වැසියන්ට ‘ද්‍රෝහී වූ හතුරෙක්’ වුවත් ඔවුන් සිය පක්ෂ අභ්‍යන්තරයේ ඇති සැබෑ තත්ත්ත්වය ජනතාවට දැන ගැනීමට ඉඩ නොදෙන බැවින් ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දෙන බව කී ආනන්ද සංගරී මේ සම්බන්ධයෙන් එම පක්ෂය ලැජ්ජා විය යුතු යැයිද පෙන්වා දුන්නේය.

එල්ටීටීඊය සමග ගනුදෙනු කරමින් ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලබාගත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් එල්ටීටීඊයේ හිටපු සාමාජිකයින්ට උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාවක් ලබා නොදීම දැඩි අසාධාරණයක් මෙන්ම කළ ගුණ සැලකීම අමතක කිරීමක් ලෙසයි ආනන්ද සංගරී පෙන්වා දුන්නේ.

තමන් මේ පිරිස සමග සාකච්ඡා කොට තම පක්ෂය හරහා එල්ටීටීඊයේ හිටපු සාමාජිකයින් පිරිසකට නාම යෝජනා ලබා දීමට අවස්ථාව සලසා දුන්නේ තමන්ගේ ප්‍රතිපත්තිය තුවක්කු සංස්කෘතියට එරෙහි නිසා බවද ආනන්ද සංගරී පැවසීය.

සංදේශය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.