සංගා ලන්ඩනයේදී කලකිරීමෙන්

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලන්ඩන් හීතෘ ගුවන්තොටුපොලේදී පීඩාවට පත්ව තිබෙනවා. සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් සංගක්කාර පෙන්වා දෙන්නේ ගුවන් තොටුපොළේ සිටි ආගමන විගමන නිළධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට මෙම තත්වය උදාවූ බවයි.කෙසේ වෙතත් නිලධාරීන් වැඩිදෙනා ආචාරශීලී ලෙස කටයුතු කල බව ඔහු කියා සිටිනවා.

මහා බ්‍රිතාන්‍යයේ ආගමන හා විගමන නිලධරයකුගේ ක්‍රියාව නිසා තමා එම අත්දැකීමට ලක්වූ බවද ඔහුගේ ට්විටර් පණිවුඩයේ සටහන්ව ඇත. ‘‘පාට, ආගම හෝ කීර්තිය කුමක් වුවත් හැම ගුවන් මගියකුටම ආචාරශීලී විය යුතුයි. මගේ වාසනාවට මෙන් මා එවැනි කටුක හා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ පෑවේ එක් නිලධරයකුගෙන් පමණි. එදා රාජකාරියේ සිටි සෙසු ආගමන විගමන නිලධරයෝ මනහරය‘‘ පසුගිය 15 වසරේදීම බ්‍රිතාන්‍යයට පැමිණි තමා මෙවැනි අත්දැකීමකට මුහුණ පෑ පළමු අවස්ථාව මෙය බවත් ඔහු කියයි.

සෝදිසියෙන් හා පරීක්ෂාවෙන් සිටීමේ අවශ්‍යතාවය තමා පිළිගන්නා නමුත් ඒ නිසාම හැම ගුවන් මගියකුටම ආචාරශීලී ලෙසත් සුහදවත් සැලකිලි දැක්විය යුතු බවත් ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ. මෙම නිලධරයා අශිෂ්ට නොහික්මුණු තමාගේ ලොකුකම් පෙන්වූ අවිනීත පුද්ගලයකු බවද සංගක්කාර ඔහුගේ ට්විටර් පණිවුඩයෙන් පවසයි.

වසර 15ක් තිස්සේ තමන් එංගලන්තයට පැමිණෙන නමුත් මෙවැනි සිදුවීමක් කිසිදිනෙක තමන් අත්විද  නොමැති බව සංගක්කාර සිය ට්විටර් ගිනුමෙන් පෙන්වා දී තිබෙනවා. ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් සිටීම තමන් පිළිගන්නා නමුත් එම කටයුතුවලදී ආචාරශීලීව කටයුතු කිරීම වැදගත් බවයි සංගක්කාර සිය ට්විටර් ගිණුම මගින් පෙන්වා දී ඇත්තේ. සංගක්කාර එංගලන්තයට පැමිණ සිටින්නේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහායි. සංගක්කාරගේ ට්විටර් සංවාදය පහතින්.

 

1 2 3 4

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.