සංවර්ධන පණත හබක්………….

ranil-wickramasingheසංවර්ධන (විශේෂ අවස්ථා) පනතේ අරමුණ වන්නේ සියලු විෂයයන් අරබයා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමත්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු කඩිනම් කිරීමත්, මෙම කටයුතු හා අදාළ වන වෙනත් හේතු සහ සිදුවීම් වලට වැදගත් වන පියවර ගැනීමත්, හි ලා පහසුකම් සැපයීමය. මෙම පනතට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවිය. එසේ වුවත් මෙම පනතෙහි අන්තර්ගත කරුණු දෙකක් සම්බන්ධයෙන් ගැටලු මතුවිය.

(1) පනත මාර්ගයෙන් සියලු බලැති බලවත් අමාත්‍යවරයකු ඇති වන බවටත්,

(2) පළාත් සභා වලට දැනට හිමිව තිබෙන බලතල හීනවන බවටත් තර්ක නැගිණි.

පසුගිය මස 23 වැනිදා අගමැති වික්‍රමසිංහ පළාත් සභා අමාත්‍යවරුන් හමුවී, මෙම පනත සකස් කර තිබෙන්නේ සංවර්ධනය කඩිනම් කිරීමට පමණක් බවට ඔවුන් නැවත නැවතත් අස්වැසීමට කටයුතු කළත් වැඩේ හරි ගියේ නැත.
නව නීතිය යටතේ බලයලත් අමාත්‍යවරයා ලෙස නම් කෙරෙන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයාය. මෙම විෂය පථය දැනට පවතින්නේ අගමැති වික්‍රමසිංහ යටතේය. මෙම අමාත්‍යාංශයද බලවත් අමාත්‍යංශයක් බවට පත්වනු ඇති බවට කසුකුසු මතුවිය. අරමුණු 16 ක් පෙරදැරිව මෙම ඒජන්සිය ක්‍රියාත්මක වීමට නියමිතය. එහෙත් මෙම අරමුණු බොහෝමයක් දැනටමත් වෙනත් අමාත්‍යංශ යටතේ පවතින බව පැහැදිලිය.

මෙම පනත් කෙටුම්පත ඌව, උතුරු මැද, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් සභා වලින් ප්‍රතික්ෂේප කර ඇත
.උතුරු පළාත් සභාවද පෙර අවස්ථාවක අදහස් දක්වමින් කියා සිටියේ පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බවය. පනත් කෙටුම්පතට එරෙහිව නැගෙන විරෝධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හිතවාදී පාර්ශවයෙන් මෙන්ම මහින්ද හිතවාදී පාර්ශවයයෙන්ද එකසේ නැගෙමින් ඇත.

මෙම පිරිසට ඒකාබද්ධ විපක්ෂයද අයත්ය. පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පතට සහය නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හිතවත් පාර්ශවය දැනටමත් ප්‍රකාශ කර අවසන්ය.උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ සංවර්ධන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත් කර ගැනෙනු ඇතිද, එසේත් නැතිනම් එහි සදහන් අතිශයින් ආන්දෝලනාත්මක කරුණු සංශෝධනය කර නැවත ඉදිරිපත් කැරෙනු ඇතිද යන්න ගැටලුවකි. පළාත් සභා බහුතරයක් පනත ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක් පැවතියද, එය සම්මත කරගැනීමේ වුවමනාවක් ඇතැම් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට ඇත. මේ පිළිබඳව වැඩිදුර කටයුතු කිරීමට යෑම රනිල්ට උතුරත් දකුණත් මැති කාර් ගැනීමේ මාධ්‍යයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.