සංවිධානාත්මක කල්ලියක් උතුරේ භීෂණයක් ඇති කිරීමට සැරසෙයි

Rimandඋතුරේ සංවිධානාත්මක කල්ලියක් රටේ කලබල ඇති කිරීමේ උවමනාවෙන් භීෂණයක් ඇති කිරීමට සැරසෙයි.පසුගියදා යාපනය කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙත සිදුකළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවට හඳුනාගෙන ඇත. මෙම කල්ලියට නායකත්වය සපයන්නේ හිටපු කොටි සාමාජිකයෙකු බවටත් කරුණු අනාවරණ වී ඇත.

උතුරේ පැවැති 30 වසරක යුද්ධය ආරම්භ වූයේද මෙවැනි තත්ත්වයක් මත බැවින් රජය මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසු වේ. මීට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් සියළු දෙනාම පුනුරුත්තාපනය නොකළ ත‍්‍රස්තවාදීන් බවට හඳුනාගෙන ඇත. මෙවැනි දේ මුලිනුපුටා දැමිය යුතු බව රටේ ආරක්ෂක මණ්ඩලය ජනාධිපතිට පවසා ඇත. මේ පිළිබඳව සොයා බැලීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යාපනයට ගොස් ඇති බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.