සකළ දේශ වාසි දුෂිතයිනි දැන් ජය පැන් බොමු

cheersදූෂණ විරෝධී කාර්යාංශය වසා දැමීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ශ්‍රී ලංකාවේ සකළ විධ දුෂිතයින්ට මීටත් වඩා ප්‍රීති ජනක පුවතක් තිබිය හැකිද?

කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් යහපාලන ආණ්ඩුව පත් වූ සැනින් පිහිටැවූ, බහුශ්‍රැතයන්ගෙන් සමන්විත ‘දූෂණ විරෝධී කාර්යාංශය‘ වසා දැමීමට තීරණය කරන ලදී. මේ වසා දැමීමට දැඩි සේ පක්ෂව කරන චම්පික රණවක පෙනී සිට ඇති අතර මෙය වසා දැමීමට දයාසිරි ජයසේකර උත්සාහ කොට ඇති නමුත් නමුත් ‘නොදන්න දේවල් කතා නොකර ඉන්නැයි‘ කියමින් ඔහුගේ කට වසා දැම්මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බව වාර්තා වී ඇත.

ආණ්ඩුවේ ඇමතිවරු
දූෂණ ලේකම් කාර්යාලය අහෝසි කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කිරිම වැළැක්වීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය

“මේ අණ්ඩුව බලයට ආවේ දූෂණ ක්‍රියාවන් පිළිබඳ විමර්ශන කරන්න වෙනම විනිශ්චය කොමිෂන් සභාවක් ඇති කරනවා, අවශ්‍ය වුවහොත් වෙනම අධිකරණයක්ද පිහිටුවනවා කියලා මහා සද්දෙට රටටම කියලයි. “

“මෙම ආයතනය වසා දැමීමට ප‍්‍රධාන හේතුවක් ලෙස කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත්ව තිබු මිලියන 409ක වියදමක් කළත් කිසිදු වැඩක් නෑ කියන චෝදනාව සම්පුර්ණ අසත්‍යයක්. මේ ආයතනය වසර දෙකකුත් මාස පහට වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 32ක් පමණයි. ඒ වගේම මෙමගින් කළ විමර්ශන නිසා රුපියල් මිලියන 1900කට වැඩි මුදලක් රටට උපයා දී තිබෙනවා. ඒ නිසා සත්‍ය හේතුව වියදම් වැඩිවීම නොව රාජිත සේනාරත්න ඇතුළු ගිය ආණ්ඩුවේ හිටපු මේ ආණ්ඩුවෙත් ඇමතිකම් දරණ වැඩි පිරිසකට එරෙහිව මේ ආයතනයට පැමිණිලි ලැබී තිබීම හා ඒවා විමර්ශනය කිරිම මේ වන විට අරඹා තිබීමයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.