සජිත් කිවුල ජයගනී….

sajith-premadasaහම්බන්තොට සංචාරයක යෙදෙමින් සිටි නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස තිස්සමහාරාමයේ මහසෙන්පුර මහා විද්‍යාලයට හදිසියේම ගොඩවැදුණි. ඔහුගේ මතකයට ආවේ එම විද්‍යාලයට කලකට ඉහත ලබාදුන් වතුර මෝටරය හා නළ ළිඳය. ඔහු එය සවිකළ ස්ථානයට කෙළින්ම ගියේය.

‘සර් නළ ළිඳ හොඳට තිබෙනවා දැන් ළමයින්ට වතුර ප්‍රශ්නයක් නැහැ.’ ඇමැතිවරයා දුටු විදුහල්පති දිව එමින් පැවැසීය. සජිත් දෝතට වතුර ගෙන පානය කළේය. සජිත්ට දැනුණේ අප්‍රසන්න කිවුල් රසයකි.

‘කොහොමද මේවා බොන්නේ කිවුල් රසයි’ ඔහු ඇසුවේය. ‘අනේ ඔව් කිවුල් තමයි ළමෝ කිහිප දෙනෙක් එකවර කීවෝය.

නළ ළිඳ දුන්නාට ප්‍රශ්නය එතනමය. සජිත් කල්පනා කළේ කිවුල නැති කරන ක්‍රමයක්ය. ඔහු ප්‍රදේශයේ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියකු කැඳවා ගත්තේය. ආර්. ඕ. (රිවාස් ඔස්මෝසිස්) ප්ලාන්ට් එකක් හයි කළා නම් ප්‍රශ්නෙ විසදෙනවා. ඔහු පැවැසීය.

සජිත් මහසෙන්පුර විද්‍යාලයේ සිටම ව්‍යාපාරික මිතුරන් කිහිපදෙනකු ඇමැතීය. ලක්ෂ 10ක වියදමින් මහසෙන්පුර විද්‍යාලයට ජල පෙරණයක් සවිකර දීමට සජිත්ගේ මිතුරකු එකඟ විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.