සජිත් ගේ රැකියා දන්සැල අල්ලසක්

sajithනිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව සමාජවාදී තරුණ සංගමය අද (24) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව lanka truth වෙබ් අඩවිය කියා සිටී.
.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණයින්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාල තුළ දැඩි ලෙස කතා බහට ලක්ව තිබෙන සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ වීඩියෝ පටයක්ද සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සමාජවාදී තරුණ සංගමය කටයුතු කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්….
රට පුරා විරැකියාවෙන් සිටින තිස්පන් ලක්ෂයට අධික පිරිසකගේ වේදනාව සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සිය පටු දේශපාලනය වෙනුවෙන් යොදා ගනිමින් සිටිනවා. එ්වගේම තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් සියඹලා ගස් යට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් අල්ලස් ලෙස තරුණයින්ට රැකියා ලබා දීම ආරම්භ කර තිබෙනවා. මෙහි තිබෙන බරපතළ ප්‍රශ්නය තමයි ඇමතිවරයා පවසනවා ඔහුගේ අමාත්‍යංශයේ රැකියා ලබා දෙන්නේ ඔහුට ඕනෑ අයට බවට ඒවගේම අනෙකුත් ඇමතිවරුත් එලෙස කටයුතු කරන බව. ඔහු සිය දේශපාලන බලය යොදා ගනිමින් තමන්ගේ පාක්ෂිකයින්ට පමණක් රැකියා ලබා දීම බරපතළ තත්වයක්. යහපාලනය බලා පොරොත්තුවෙන කිසිවෙකු මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඇමතිවරයා එහිදී ප්‍රකාශ කරනවා මුදල් ලබාදුන්නාද කියලා එයින් පැහැදිලි වෙනවා මෙම රැකියා ලබා දෙන්නේ මුදල් ලබා ගනිමින් බව. එයින් පැහැදිලි වෙනවා දේශපාලන වුවමනාව වෙනුවෙන් මුදල් ලබා ගනිමින් රැකියා ලබා දෙමින් සිටිනවා කියලා. ඒ නිසා මේ තත්වය මින් ඉදිරියට ඇති නොවෙන්නත් සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන ලෙසත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමෙන් අපි ඉල්ලා සිටිනවා. යැයි ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.