සජිත්- මංගල එකට

sajith-mangalaයල් පැන ගිය නීති රීති නිසා අප රටේ තවමත් තිබෙන්නේ අංග සම්පූර්ණ වෙළඳ ආර්ථිකයක් නොවන්නේ යයිද, ඊට හොඳම උදාහරණය නම් රේගුව ක්‍රියාත්මක වන්නේ 1860 සම්පාදිත නීති අනුව වන අතර සුරා බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ 1911 සම්පාදිත නීති අනුව යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කීවේ ය.

2018 වසරේ දි අපේ මුළු රටේම අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 2.2 ක් වෙද්දී ඒ වසරේ ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7 ක් තරම් විශාල බවත් ඉන් 84% ක් ම මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමැතිතුමා හැටියට ගත් ණය බවත් ඔවුන් කලින් ඡන්දෙකට ගියේ සුමනදාස මහත්තයා කී නිසා නොවන අතර මේ අර්බුදේ එන නිසා ඔවුන් කලින් චන්දයකට ගිය බවත් ඇමැතිවරයා පැවසීය.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ‘සරිලන නිවහනක උරුමය සැමට’ තේමාව යටතේ 2017 ලෝක ජනාවාස දින සමරමන් අද මාතර පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මෙම ජනහමුවට නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී විය.

මෙහිදී වැඩි දුරටත් කථා කළ සමරවීර ඇමැතිවරයා මෙසේ ද පැවසීය. “බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳල ඉගෙන ගත්තෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලයි. නැතුව සියලු බෞද්ධයෝ නිදුක් වෙත්වා කියලවත් සියලු සිංහලයෝ නිදුක් වෙත්වා කියලවත් නෙවෙයි.“

“රටේ උද්ඝෝෂණ තියෙන එක දූෂණ චෝදනාවක් එල්ලවුණ ඇමැති කෙනෙක් නිදොස්භාවය ඔප්පු කරන්න ඉල්ලා අස්වෙනකොට සමහරු හිතනව ආණ්ඩුව වැටෙන්න යනව කියල. ඒකෙන් පෙනෙන්නෙ ආණ්ඩුව කොච්චර ශක්තිමත් ද කොයි තරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනව ද කියන එකයි.“

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.