සජිත්-හරින් වරප්‍රසාද අත් හරිති

 

sajithp

සජිත්ප්‍රේමදාස තනතුරේ වැඩ  භාර ගනිද්දී අනුශාසනායක් කළ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් පැවසුයේ සජිත් ප්‍රේමදාස මහතාට වැඩිපුර බණක් කීමට අවශ්‍ය නොවන බවත් තාත්තා වාගේ වැඩ කරන්නැයි යන්න පමණක් මතක් කර දෙන බවත්ය.

 

තම මාසික වැටුප සහ ඉන්ධන දීමනා නිවාස සංවර්ධන අරමුදලට මාසිකව බැර කරන බවත් තමාට අමාත්‍යංශයෙන් ලැබෙන වාහන හෝ නිල නිවස බාර නොගන්නා බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) බත්තරමුල්ල සෙත්සිරිපායේදී අමාත්‍යංශයේ වැඩ බාරගනිමින් පැවසීය.

යහපාලනයට ආදර්ශයක් ලබාදීමට මේ තීරණය ගත් බවද ප්‍රේමදාස මහතා කීය.

download (59)

මහ ඇමැති හරීන් ප්‍රනාන්දු

මේ අතර වාරේ ඌව මහා ඇමති ධුරය භාරගත් නව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු කියා සිටීයේ තමන්ද වරප්‍රසාද අත් හරින බවයි.

මම නිල වාහනය ගන්නේ නැහැ. නිල නිවහනට යන්නෙත් නෑ.‘යි ඌව නව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කීවේය.

‘මං මගේ සේවක මණ්ඩලය ගෙන්වා පොඩි කතාවක් කිව්වා. අපි දේශපාලනය කළාට මැරෙන මිනිස්සු කියලා දැනගන්න ඕනෑ. මේ බලය අපිට හැමදාම තියෙන්නේ නෑ කියා හිතන්න ඕනෑ.

අපිට පුංචි දුකක් තියෙනවා තමයි. හංසයාට ඡන්දේ දුන්නේ අපි.  ඒත් හංසයට දුන්න අය පැත්තක. බුලත් කොලේ ඉස්සරහට ඇවිත්නේ කියලා.

මතක තියාගන්න. මෛත්‍රීපාල සිරිසේන මහතා මුල ඉඳලම කිව්වා, එතුමා යනනේ මේ දේශපාලන වැඩසටහනට කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද අගමැති. ලංකාවේ ආණ්ඩුවේ ඉන්නේ යූඑන්පී මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු ඉන්නේ 40 යි. ඒ නිසා අපි කැමති වුණත් නැති වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ගන්න වෙනවා මේ වෙලාවේ. ඒ සහයෝගය අරගෙන ලංකාවේ අලූත් දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න ඕනෑ.

පවුලක් වෙනුවට ජනතාව රජ කරන රටක් හදන්න ඕනෑ.‘

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.