සජින් ගේ අලියා බලපත්‍ර ලාභියෙකි එත් බලපත්‍රය ගැන ප්‍රශ්ණ

download (60)

 

 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතා වනජීවී නිලධාරීන්ට මන්තී‍්‍රවරයා කොළඹ සිට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ තමන් සතුව සිටින අලියට බ්ලප්ට්‍රයක් ඇති බවයි.

 

මෙම අලියාට 2009 වර්ෂයේ නිකුත් කළ බලපත‍්‍රයක් ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසී.

එසේ නම් මෙම අලියා  අනවසර  අලියෙක් සේ සලකා එම නිවසට ගියේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ.

තවත් පිරිසක් මෙම බලපත්‍රය නීත්‍යනුකුලද යන් වැඩි දුරටත් විමසිය යුතු බව කියා සිටිති.

2009 දී වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත්කරණ ලද 207 අංකය සහිත බලපත‍්‍රය අනුව එම අලියා නාමලී නමැති හීලා ඇතින්නක විසින් බිහිකරණ ලද පැටවෙක් ය.

  ග‍්‍රාම නිලධාරී  හා ප‍්‍රාදේශීය ලේකම්

අලියාගේ වත්මන් හිමිකරු කොළඹ හත පදිංචි අයෙකි. ඔහු අලියා මිලදී ගෙන ඇත්තේ පන්නිපිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයකිනි. අලියකු රුපියල් ලක්ෂ 10ට විකිණීමට ඇති බව හිමිනමක් විසින් තමන්ට දැනුම් දුන් බවත් ඒ අනුව අලියා ගැන සොයා බලා එම හිමියන්ගේ විහාරස්ථානයේ දී අලියා මිලදී ගත් බවත් හිමියන් එම ගනුදෙනුවේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළ බවත් අලියාගේ හිමිකරු පවසයි.

අදාල හිමිකරු විසින් අලියා සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ රඳවා ඇත්තේ ග‍්‍රාම නිලධාරී මහතාගේ හා ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ද ඇතිවයි.

කෙසේ වෙතත් බලපත‍්‍රය ලබා ගැනීමේ දී ඉදිරිපත් කැර ඇති තොරතුරු සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ද වනජීවීන නිලධාරීහු කියති. අලියාගේ බලපත‍්‍රය නිකුත් කිරිමේ දී ඉදිරිපත් කැර ඇති ලේඛණවල සත්‍ය අසත්‍යතාව සොයා බලා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට සිදුවන බව ද වනජීවී නිලධාරීහු කියති.

 ඉන්ධන පිරවුම්හල

මේ අතර වාරේ කෝටි 17 ක මුදලක් තමා විසින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු යැයි එල්ලවන චෝදනා අසත්‍ය බව  සජින් වාස් ගුණවර්ධන පවසයි.

 මුදල් ගෙවීමෙන් පසු තමන් ඉන්ධන ලබාගත් බව ඔහු කියා සිටී.

අම්බලන්ගොඩ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට මේ වන විට සීල් තබා ඇත.

තමා විසින් කෝටි 17ක මුදලක් වංචා කර ඇතැයි විවිධ මාධ්‍ය ආයතන පලකළ පුවතට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මන්ත්‍රීවරයා කියා සිටී.

 පැමිණිල්ලක්

2

 

 

විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව දූෂණ විරෝධී හඬ (VAC) සංවිධානය මගින් අද (16) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ද  ඉදිරිපත් කොට ඇත.

එම අවස්ථාවට උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ නීතිඥ ජානක අධිකාරී ඇතුළු එම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සහභාගි වී සිටිය

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.