සජින් ගේ අලියා සහ තවත් අලි

 

 

 

kotaawa panchali

ආණ්ඩුවේ ප්‍රබලයින් අනවසරයෙන් වල් අලි ළඟ තබාගෙන සිතන බවට කාලාන්තරයක් තිස්සේ චෝදනා නැගී තිබුනු  අතර දැන් බලා පෙරළියත් සමගම වනජීවී දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇති බව පෙනෙන්න  තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සතු අලියක් ගැන හොයන්නට ගිය  හික්කඩුව වනජීවී නිලධාරී අසංක ගුණවර්ධන මහතා ඇතුළු පිරිසට අදාළ ලියකියවිලි අද දවසේ පරීක්ෂා කිරීමට ඉඩ නොලැබුණි.

අම්බලන්ගොඩ නිවසේ සිටින අලියා පිළිබඳව  පිළිබඳව  ලියකියවිලි අඟහරුවාදාට ඉදිරිපත් කිරීමට සජින් වාස් ගුණවර්ධන ගේ සේවකයින් පොරොන්දු වී ඇත.

අලියා වනජීවි පශු වෛද්‍යවරුන්ගේ රැඳවුම් භාරයේ එම නිවසේම රඳවා තබා ඇති බව  හික්කඩුව වනජීවී නිලධාරී අසංක ගුණවර්ධන පවසයි.

බලහත්කාරයෙන්

ජර්මනිය මුල්ස්ථාන කරගත් pro wild life  ආයතනයේ ප්‍රධානියා වන ආචාර්ය ක්‍රිස්ටෝෆර් ශ්මිඩ්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දන්වා සිටීයේ 2007 පටන් කඩ අලි පැටවුන්

70 දෙනෙක් පමන අනවසරයෙන් රඳවා ගෙන සිටින බවයි.

මව් ඇතින්නියගෙන් බලහත්කාරයෙන් වෙන් කරන ලද කුඩා පැවූන්ගේ තත්වය ඉතා කනගාටුදායක බව මෙම ලිපියෙන් පෙන්වා දෙන ලදි.

අලි පැටවුන් අල්ලා ගැනීමේදී මව් ඇතින්න දරුණු ලෙස ප්‍රතිචාර දක්වන හෙයින් බෝවිට මව් ඇතින්න මර දැමීම හෝ නිර්වින්දනය කිරීම සිදුවේ.

පරිසර සංරක්ෂන භාරය කල හෙලිදරව්වකට අනුව මේ අලි පැටවුන් වෙනුවෙන් ව්‍යාජ ලියකියවිලි සැකසීමේ වැඩපිළිවෙලක් පවතී.

වල් අලි පොදු දේපල සේ සලකනු ලබන අතර අනවසරයෙන් අලි පැටවුන් තබාගෙන සිටින ස්ථාන සහ පුද්ගලයින් පිළිබඳව තොරතුරු පරිසර සංරක්ෂන භාරය විසින් හෙළි කොට තිබින.

elephent

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.