සජින් ගේ කොස්මොස් ඒවියේෂන් එකට සීල්

6

හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස්ට අයත් ගුවන් නියමු පුහුණු ආයතනයක් වන කොස්මොස් ඒවියේෂන් සතුව තිබූ ගුවන් යානා අංගනයට සිවිල් හා ගුවන් සේවා අමාත්‍යංශය විසින් සීල් තබා ඇතැයි වාර්තා වේ.

එම අංගනට වසර ගණනාවකින් මුදල් නොගෙවීම හේතුවෙන් මෙසේ සීල් තබා ඇති බව වාර්තා වේ.

මේ අතර, කොස්මොස් ඒවියේෂන් ආයතනය ගුවන් නියමුවන් පුහුණු කරනු ලබන ආයතනයක් වුවද ඒ කටයුත්තට එම ආයතනයට බලපත්‍රයක් නොමැති බවද වාර්තා වේ.

මෙය ආරම්භ කර ඇත්තේ මීට වර 9කට පෙරය.

 

1 (2)

 

 

ස්කයිලයින් ගැන පරීක්ෂණයක්

මේ අතර, වීරවිල ගුවන්තොටුපලේ ස්ථාපිත කිරීමට ආයෝජන මණ්ඩලයේ බදු සහන ලබාගනිමින් රත්මලානේ පවත්වාගෙන යනු ලබන ස්කයි ලයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට සූදනෙම් වන බව පැවසේ.

 

2 (2)

 

මේ ආයතනයේ ප්‍රධානී රොමේෂ්ද සිල්වා රාජපක්ෂ ජනපතිවරයාගේ කිට්ටු වන්තයෙක් බවද වාර්තා වේ.

කෙසේවුවද ඉහත චෝදනාවට අනුව ඔහුට අයත්, කටකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ඇති ගුවන්යානා අංගනයටද ඉදිරියේදී මෙසේ සිල් තැබීමට ඉඩකඩ ඇති බවද වාර්තා වේ.

ඒ අදාල අංගනය ඔවුන් වසර ගණනක සිට ලබාගෙන ඇත්තේ රුපියල් 10,000ක් වැනි සුළු මුදලක් ගුවන් හමුදාවට ලබාදෙමින්වීමය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.