සජින් වාස් අත්අඩංගුවට

 

AG6K1023 copy.jpg

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයුතු ලෙස භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාව අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය පැවසුවේ අද දහවල් 1.30 වන විටත් ඔහු අත්අඩංගුවට ගෙන නැති බවයි.

ඔහුගෙන් ප්‍රශ්නකරගෙන යන බව පොලිසිය කියයි.

 

 

 

මන්ත්‍රී නවුෆර් ෆවුසි

 

අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්‍රයා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුෆර් ෆවුසි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) පොලිසියට නියෝග කර ඇතැයි වාර්තා වේ. ඒ 2012 දී ව්‍යාපාරිකයෙකු හට මරණීය තර්ජනයක් සිදුකිරීමේ චෝදනාව මතය.

සිද්ධියට අදාළ ව්‍යාපාරිකයාගේ නීතිඥයින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඔහුව වහා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර තිබේ.

මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් අයථා ලෙස ණය ලබා දෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ අනුව රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අද (11) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ අතර සංවර්ධන ව්‍යාපෘති නතර කර ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් චෝදනා එල්ල කර ඇති බවත්, එසේ ව්‍යාපෘති නතර කර ඇති නම් ඒ ගැන විවාදයක් කිරීමට තමන් සුදානම් බවද ඇමතිවරයා එම මාධ්‍ය හමුවේදී කීවේය.

සංවර්ධන ව්‍යාපෘති තුන හතරක් පමණ නතර වී ඇති වී ඇත්තේ දූෂණ වංචා සහිත ඒවා නිසා බවත්, එසේ හැර සෙසු ව්‍යාපෘති ක්‍රියාත්මක බවත් පැවසීය.

මේ ගැන හැකිනම් විවාදයකට එන්නැයි තමන් හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරන බවත්, එතුමාට පැමිණීමට නොහැකි නම් තමන් ඔහු ළඟට යාමට සුදානම් බවත්, රවී කරුණානායක මහතා කීවේය.

ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.