සජින් වාස් මීලගට?

1 (1)පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා විසින් පසුගිය පාලන සමයේදී සිදුකරන ලදැයි පැවසෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලදී මහජන දේපල අයතා ලෙස යොදා ගැනීම පිළිබඳව බරපතල කාරනා රැසක් අනාවරණයවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව, ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට යයි.මේ අතර, නීතිවිරෝධීව සහ අයථා ලෙස මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් ද සජින් වාස් ගුණවර්ධන මහතාට චෝදනා එල්ලවී ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය රහස් පොලීසියට නියෝග කළේය. ඒ දූෂණ විරෝධී පෙරමුණ ඉදිරිපත් කළ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීය.

ඔහුට අයත්ව තිබූ සමාගම් 21 ක ආදායම් වාර්තා පිළිබඳව රහස් පොලීසියට කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසට කොටුව මහේස්ත‍්‍රාත්වරයා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටද නියෝග කළේය.

සජින් වාස් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වඩාත් හිතෛශිකයකු ලෙස සැලකේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.