සජින් සහ නිවාඩ් ගේ විදේශ ගමන් බලපත්‍ර අත් හිටුවයි

 

 

 

Eu-flag-vector-material2

 

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති විදේශ කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන ගේ විදේශ ගමන් බලපත්‍ර මාස 3කට අත්හිටුවීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ සභාපති නියෝග කළේය.

මේ දෙදෙනටමම් එරෙහිව ඇති පැමිණිලි සංකීර්ණ ස්වභාවයක් දරන හෙයින් විමර්ශනයට ටික කලක් ගත විය හැකි බව තතු දත් ආරංචි මාර්ග කිය සිටිති.

නව රජය පත්වීමෙන් පසු විවිධ කණ්ඩායම් ගොනුකළ අල්ලස් හා දූෂණ පැමිණිලි අනුව දේශපාලනඥයන් ඇතුළු තවත් කිහිප දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර  වහාම තහනම් කිරීමේ අවශ්‍යතාවක් ඇති බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා කියා සිටී.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.