සතොස මත්පැන් තහනම හරිද?

 

gaminij

වැඩ  භාර ගත් ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ ලබන බදාදා වන විට ලක් සතොසේ මත්පැන් විකිණීම නතර කරන බවයි.

මෙය බැළු  බැල්මට ලකුණු දා ගත හැකි ජනප්‍රිය වැඩක් වුනත් ඉන් එහාට ඇත්තේ ගැලරියේ විසිල් පාර  ලබා ගැනීම සදහා වූ ෂෝ එකකි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මතට තිතක් ගැන කථා කලත් තිතට මත් වීමට  අවශ්‍ය තරම් එතනෝල් සම්පාදනයට තම ඇමතිවරුන්ට ඉඩ දුන් බව කියා සිටින්නේ අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත  ස්වාමින්වන්සේය.

බරපතල සමජ ප්‍රශ්නයක්

විෂ මත්පැන් හතර අතේ විකිණෙන විට නීත්‍යනුකුල මත්පැන්  වෙළෙඳසැල් වස දැමීම පිළියම නොවේ.

අධික මත්පැන් පානය බරපතල සමජ ප්‍රශ්නයක් බවත් එයින් දහස් ගණන් මව්වරු සහ දරුවන් වේදනාවට පත් වෙන් බට කිසිදු විවාදයක් නැත.

එය බරපතල සමාජ ප්‍රශ්නයක් බවසැක නැතත්  වලං කඩේ ගොනා ප්‍රවේශයකින් මේ ගැටළුව ව්ස්න්ද ගත නොහැක.

පේරදෙණිය  විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිලිබඳ මහාචාර්ය ටියුඩර්  සිල්වා පෙන්වා දෙන අන්දමට අධික මත්පැන් පානය  දැඩි ලෙස දුගී කම හා බැදී  පවටින බවයි.

kasippu

හොර පොළවල්

මේ නිසා  දුගියන් වැඩිදෙනා යන්නේ හොර පොළවල් වෙතය. ඒ මත්පැන් බඩවැල් දිරාපත් කරන අතර ඇස අන්ධ කරවයි.

අනෙක් අතට හන්දියක් හන්දියක් ගානේ බාර් ඇරීමත් සමග පරිබෝජනය සුලබ වෙයි.

මේ අනුව අධික මත්පැන් පානය යනු සමාජ-දේශපාලන මුලයන් ඇති ගැටලුවකි.

දැන් මෙවන් ගැටළු ගැන හොයා බැලීමට ප්‍රතිපත්ති සැලසුම් සම්පාදන අමාත්‍යාංශයක් ඇත. ගැටළු ගැන සමස්තයක් ලෙස හොයා බලා ඒවා විසඳීමට ඇමතිවරුන් ඉවසිලිවන්ත විය යුතුය.පටු සදාචාර විනිශ්චයට යට විය යුතු නොවේ.එසේ නොකිරීම නිසා මතට තිත සංකල්පය විහිළුවක් වූ ආකාරය පිළිබඳව පුර්වාදර්ශයක් අපට ඇත.

ඇමතිතුමන් සතොසේ

[vsw id=”/ggJd_CEDiro” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.